කොච්චර කෑවත් බිම්මල් එපා වෙන්නේ නෑ

කොවිඩ් කාලයේදි වැඩිපුරම හිත ගියේ?

කොවිඩ් කාලයේදිත් (නීල පබළු) ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වුණා. ඊට අමතරව කොවිඩ් කාලයේදි වැඩිපුර නිදාගත්තා. මම නිදාගන්න ආසයි. ඉඩක් ලැබුණු වෙලාවල්වල නින්දටත් පොඩි කාලයක් වෙන් කළා.

යාළුවන් මුණගැහුණාම මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නෙ?

මේ දවස්වලනම් අපි වැඩිපුරම කතා වෙන්නෙ කොවිඩ් ගැනම තමයි.

ජීවිතේ ආයෙ ආයෙත් අහන්න ආසා කරන ගීතය?

එහෙම විශේෂ ගීතයක් නැහැ. හැබැයි මම නදීමාල් පෙරේරාගේ ගීත අහන්න ආසයි.

පුංචි කාලයට යන්න ඇත්නම් ආසා කරන කාලය?

මම මගේ ළදරු පාසල් ගිය කාලයට ආසයි. මම ඒ කාලෙට යන්න හරි ආසයි. ඒක වගකීමක් නැති හරි අපූරු ළමා කාලයක්.

ආසා කරන සෙල්ලම?

මගේ උපන් ගම බදුල්ල. මම පදිංචිවෙලා ඉන්නෙ මහියංගණයේ. මේ දවස්වලනම් කලා කටයුතු නිසා කොට්ටාවේ ඉන්නෙ. ඉස්සර මහියංගණයේ ඉඳිද්දි අපි පුදුමාකාර ළමා කාලයක් ගත කළේ. ඇතිතරම් සෙල්ලම් කළා. සෙල්ලම් ගෙවල් දැම්මා. හැංගිමුත්තන් කළා. මට තාම මතකයි ඒ කාලේ අපිට හැංගෙන්න ඕනෑතරම් තැන් තිබුණා. දැන් ගමේ හෝ නගරයේ හෝ ළමයින්ට අපි ගත කරපු ඒ සුන්දර නිදහස් කාලය නැහැ. අපි හැංගිමුත්තන් කරද්දි අපි පුළුවන් උපරිම තැන්වලට ගිහින් හැංගුණා. සමහර ගස් අස්සේ, ගස් උඩ පවා අපි හැංගිලා තියෙනවා. ඒ වගේ සුන්දර කාලයක් මට තිබුණා. ආයෙත් ඒ වගේ සුන්දර ළමා කාලයකට යන්න ඇත්නම් හරි ආසයි.

තමන්ගේ මහන්සියෙන් ලැබුණු මුල්ම වැටුපට කළ දේ?

උසස් පෙළ අවසන් කරලා මම එක්තරා පෞද්ගලික ආයතනයක පුංචි ළමයින්ට ඉංග්‍රීසි ඉගැන්වුවා. ඒක මම හරිම ආසාවෙන් කරපු රස්සාවක්. ඒකෙන් මුලින්ම මට රුපියල් පහළොස් දහසක් ලැබුණා. මම ඒ සල්ලි අතට ලැබුණාම ගොඩක් සතුටු වුණා. මම ඒ සල්ලිවලින් මගේ අම්මට, තාත්තට, අත්තම්මට, සීයට ඇඳුම් අරගෙන දුන්නා. ඒක තමයි මම මගේ ජීවිතේ මුලින්ම ලැබුණු වැටුප වෙන්නෙ. අද නම් කලා කටයුතුවලින් ලැබෙන මුදලින් යම් ප්‍රමාණයක් මම ඉතිරි කරනවා.

ලංකාවේ වැඩිපුරම යන්න ආසා කරන තැන?

මම බදුල්ලට ආයෙ ආයෙත් යන්න ආසයි. මේ වැඩත් එක්ක හුඟ දවසකින් මට බදුල්ලට යන්න බැරිවුණා. මේ දවස්වල නුවරඑළිය, තිස්සමහාරාමයේ රූගත කිරීම් කෙරුණා. ඒ නිසා මේ දවස් ටිකේ අඩුම තරමේ මහියංගණයේ මගේ ගෙදරවත් යන්න මට බැරිවුණා. මගේ අම්මලා ඉන්නෙ මහියංගණයේ. මගේ අත්තම්මා ඉන්නෙ බදුල්ලේ.

යන්න ආසා රට?

එහෙම යන්න ආසා කරන විශේෂ රටක් නැහැ. හොඳ, ලස්සන රටකට ගිහින් ඒ සුන්දරත්වය විඳින්න ආසයි

කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති කෑම?

මම නිර්මාංශිකයි. ඉතින් බිම්මල් කන්න නම් මම මාරම ආසයි. කොච්චර කෑවත් මට බිම්මල් එපා වෙන්නෙ නැහැ. ඒක මගේ යාළුවනුත් හොඳට දන්නවා. මට ඕන තරම් බිම්මල් කන්න පුළුවන්.

කාට හරි තෑග්ගක් දෙන්න ලැබුණොත් කස්තුරි දෙන්නෙ?

මම තෑග්ගක් දෙනවානම් මම ඒ කෙනාට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න උත්සාහ කරනවා. දෙන තෑග්ග කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ලස්සනට තියාගන්න දෙන තෑග්ගකට වඩා ප්‍රයෝජනවත්, පාවිච්චියට ගන්න පුළුවන් තෑග්ගක් දෙන්න මම හැමවෙලේම උත්සාහ ගන්නවා. ඒ කෙනා ආසාවෙන් ඉන්න දෙයක් ගැන දැනගත්තොත් මම ඒක තෑගි කරනවා.

කාගෙන් හරි තෑග්ගක් ලැබුණොත් ආසා කරන්නෙ?

මමත් මට ප්‍රයෝජනවත් දෙයක් දෙනවට කැමතියි. ඒක මගේ යාළුවොත් දන්නවා. එහෙම මම ආසා කරන තෑගි මගේ සමහර යාළුවෝ මට තෑගි කරලත් තියෙනවා. මට නැති, මට ප්‍රයෝජනවත් දෙයක් දෙනවට මම කැමතියි.

මේ දවස්වල මම?

මේ දවස්වල මම (නීල පබළු) ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව අලුත් ටෙලිනාට්‍ය දෙකක්ම නුවරඑළියේ රූගත කිරීම් කරනවා. ඒ වගේම (Metro හීන) ටෙලිනාට්‍යයටත් දායක වෙලා ඉන්නවා.

ජීවත් වෙන්න කැමති?

මම ගොඩක් සරලව ඉන්න කැමති කෙනෙක්. බොරු මවාපෑම්වලට මම කැමති නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11