ඉන්ධන වලින් පාඩුව

විදෙස් වෙළඳපලේ පවතින බොරතෙල් මිලගනන් හා සාපේක්ශව ඉන්ධන මිල වැඩි නොකිරීම හේතුවෙන් මාස 10 ක් තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 7,000 ක පාඩුවක් ලබා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද දින වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.