විදුලිබල මණ්ඩල සභාපති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට

රටෙන් අඩකට පෙරේදා (28 දා) හදිසියේම විදුලි බිඳ වැටීමේ සිද්ධිය කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් මත සිදුවූවාදැයි සෙවීමට වහා පොලිස් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් ලංවිම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

ඉකුත් (25 දා) දහවල් 12.00 සිට ලංවිම ඉංජිනේරු සංගමයට සම්බන්ධ විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කර තිබියදී පෙරේදා (28 දා) රාති‍්‍රයේ රටෙන් අඩකට පමණ විදුලි විසන්ධි වී යෑමෙන් මෙම සැකය මතුව තිබේ.

එදින රාති‍්‍රයේ මුලින්ම විදුලි බිඳ වැටීම ආරම්භ වී ඇත්තේ කොත්මලේ බියගම අධිබලැති විදුලි සම්පේ‍්‍රෂණ මාර්ගයෙනි. ඒත් සමගම ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක් පද්ධතියෙන් ස්වයංකී‍්‍රයව ඉවත්වීමත් සමග රට පුරා මෙම විදුලි බිඳ වැටීම සිදුවිය.

මෙම විදුලි බිඳ වැටීම පිටුපස යම්කිසි කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් ඇතැයි මණ්ඩලයේ විවිධ පාර්ශ්ව තමා වෙත දැනුම්දීම නිසා වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිසිය වෙත පැමිණිලි කළ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ලංවිම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
08:41:47
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුලෙන් එළියට ආ වීඩියෝව මෙන්න
01:28
Video thumbnail
දැක්කනේ තිස්සකුට්ටි වැඳලා සමාව ගත්තේ - දැන් පොහොට්ටුවේ කට්ටිය බයවෙලා
10:19
Video thumbnail
ඉස්සරහට විපක්ෂයේ ඡන්ද ලකුණ බන්ධනාගාරය නැත්තම් මාංචු කූට්ටම
12:52
Video thumbnail
ජේලර් චන්ද්‍රවංශගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් සංවේදී වෙයි
01:58
Video thumbnail
පරිභෝජනයට නුසුදුසු පරිප්පු 1740kgක් වෙළෙඳසැලකින් මාට්ටු - සියල්ල විනාශ කර දැමූ අයුරු
00:55
Video thumbnail
ෂා, මරු, නියමයි, මාරයි, එල, එල කිරි, එල පවුසි, ආතල්, පට්ට ආතල්
00:56
Video thumbnail
ඕනි දේකට අඬන බබාලා ටිකක් ඉන්නවා ආණ්ඩුවේ - රූපණය තියෙනවා හැබැයි වැඩ නම් නෑ
07:55
Video thumbnail
චරිත්ගේ දුරකථන සංවාදය AI එකක් ? වටගල - ප්‍රසාද් සර්ට කට උත්තර නැති කරයි
06:25
Video thumbnail
ප්‍රසාද්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - හර්ෂණ තමයි මිනීම#වා
06:40