AFC Banner
Empty Ad
Empty Ad

ඊයේ සිදු වූ විදුලි බිඳ වැටීම ස්වභාවික හේතුවක් නිසා ද

ඊයේ සිදු වූ විදුලි බිඳ වැටීම යළි යථා තත්ත්වයට පත් කිරීමේ දී සිදු වූ ප්‍රමාදයට හේතුව විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශයෙන් විදුලි අධිකාරීවරුන් ඉවත් කිරීම බව විදුලි තාක්ෂණික, ඉංජිනේරු හා අධිකාරී සංගමය ප්‍රකාශ කළා.

එම නිසා අදාළ බිද වැටීම ස්වභාවික හේතුවක් නිසා සිදු වූවක් ද එසේ නොමැති නම්,යම් පිරිසකගේ කඩා කප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි එම සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්. එම්. රණතුංග කියා සිටියා.ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසක මෙම විදුලි බිඳ වැටීම වාර්තා වූ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ඉංජිනේරුවරුන්ගේ ද මැදිහත්වීමෙන් රාත්‍රී 9.30 පමණ වන විට එය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූ බවයි ඔහු සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?