ගෑස් පිපිරීමට හේතුව ඇමති වාසු හෙළි කරයි

වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල හමුවේ දී දැඩි සංවාදයට බදුන් වී තිබෙනවා.

භාණ්ඩ මිල ඉහළ යාම නතර කළ නොහැකි බවත්, එහෙත් භාණ්ඩ හිඟයක් හෝ භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාවට පෝලිම්වල රැදී සිටීමට අවස්ථාවක් නො දීමට වග බලා ගන්නා බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, ජනතාව දිගින් දිගට ම ප්‍රකාශ කර සිටියේ, භාණ්ඩවල මිල දරාගත නොහැකි ලෙසට ඉහළ ගොස් ඇති බවට යි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව සිදු වන ගිනි ගැනීම් පිළිබදව ද අමාත්‍ය මණ්ඩල හමුවේ දී කතාබහට ලක් වී තිබෙනවා.

තවත් රටවල් කිහිපයක දැනට මෙරට භාවිතා වන ගෑස් සංයුතිය යොදා ගන්නා බවත් එම රටවල මෙවැනි සිද්ධීන් වාර්තා නොවන බවත් අමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් මෙම සිදුවීම් සංයුතියෙහි ගැටලුවක් නොවන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.මේ අතර, ගෑස් භාවිතා කරන ප්‍රමාණය ඉහළ යාමත් සමඟ ගෑස් සම්බන්ධ අනතුරුවල ඉහළ යාමක් පවතින බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27