කොරෝනා ප්‍රරතිකාර කරන්න ඉඩ නොදීම නිසා බටහිර වෛද්‍යවරුනට එරෙහිව දේශී්‍ය වෛද්‍යවරුන් නඩු දමති

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන් විසින් පවත්වන, දේශීය වෛද්‍ය සායනවලට අකුල් හෙලමින් සිටින බවත්, ජනතාවට වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමේ අයිතිය අහිමි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන යනු ලබන ක‍්‍රියාමාර්ගවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටත් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව අවධාරණය කරයි.

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවන අතුරු ආබාධ සදහා ආර්යුවේද හා හෙළ වෙදකම් තුළින් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගැනීමට හැකියාව ඇති බවත්, එසේ අතුරු ආබාධ ඇති පුද්ගලයින් සදහා කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව සමග එක්ව පැවැත්වූ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බාධා පමුණවමින් සිටින බවත් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුවේ කැදවුම්කරු සුමුදු ලියනාරච්චි අලුත්වලදී අද (28* පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී අවධාරණය කළාය.

දේශීයත්වයට තැන ලබාදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප‍්‍රසිද්ධ මාධ්‍යයට පැමිණ අදහස් දැක්වුවත් දේශීය හා ආර්යුවේද වෛද්‍ය ප‍්‍රතිකාර සදහා බාධා පමුණවමින් කටයුතු කරන ආකාරයෙන් ඔහුගේ දෙබිඩි ප‍්‍රතිපත්තිය හෙළිදරව් වන බවද වෛද්‍ය සුමුදු ලියනාරච්චි සදහන් කළාය.

රජයේ ලියාපදිංචි දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ට රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමේ අවස්ථාව වැලැක්වීමට වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප‍්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරමින් සිටින්නේ හෙළ වෙදකම මේ රටින් තුරන් කිරීමේ අවශ්‍යතාවයක් ඔහු ඇතුළු කණ්ඩායමට තිබෙන නිසාදැයි ඇය ප‍්‍රශ්ණ කළාය. දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට රටේ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිදු හැකියාවක් නොමැති බවත් එසේ කටයුතු කරන්නේ නම් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද වෛද්‍ය සුමුදු ලියනාරච්චි පැවසුවාය.

අම්පාර ප‍්‍රදේශයේදී පසුගිය සතියේදී පැවති දේශීය වෛද්‍ය සායනයකට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීමට බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමක් කටයුතු කර තිබූ බව සිහිපත් කළ වෛද්‍ය සුමුදු ලියනාරච්චි දේශීය වෛද්‍යවරුන්ට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදුවන්නේදැයි යන්න ගැන අවධානය යොමු කළ යුතු බවද කීවාය.

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇතිවූ අවස්ථාවන් දහස් ගණනක් පිළිබද තොරතුරු තමන් සතුව පවතින බවද ඒ නිසා අතුරු ආබාධ ඇති පුද්ගයින් සදහා වන දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ඇය සදහන් කළාය. පාර්මිපරික වෛද්‍ය දැනුම අනුව බිහිවූ දේශිය වෛද්‍ය ක‍්‍රමයක්, ආර්යුවේද වෛද්‍ය ක‍්‍රමයත් ලෝකයේ පිළිගත් වෛද්‍ය ක‍්‍රමයක් බව බටහිර වෛද්‍යවරුන් අමතක නොකළ යුතු බවත්, බටහිර වෛද්‍ය ක‍්‍රමය බිහිවීමට වසර දහස් ගණනකට පෙර මෙම වෛද්‍ය ක‍්‍රමය ලෝකයේ ක‍්‍රියාත්මක වී තිබූ බවද වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සුමුදු ලියනාරච්චි සදහන් කළාය.

– media unit



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27