මෙරට ප්‍රසිද්ධ හෝටලයක මහලකින් ඇද වැටී ඉහළ කළමණාකාරවරයකු මරුට

නුවරඑලිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක (Green Araliya) සේවය කල කලමණාකරුවෙකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් (29)දින අලුයම බිමට වැටි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම හෝටලේ සුපිරි වෙලදසැලක කලමණාකරුවෙකු වශයෙන් කටයුතු කල තරංග ප්‍රියන්ත හෙට්ටිආරච්චි නැමති (47) හැවිරිදි ගම්පොල දොලොස්බාගේ පාරේ පදිංචි දෙදරු පියෙකි.

එම සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ සාදයක් (28) දින පවත්වා ඇති අතර එම සාදයෙන් අනතුරුව එම සාදයට සහභාගි වු සේවකයින් විසින් කලමණාකරුව ඔහු නවාතැන් ගෙන සිටි එම හෝටලයට අයත් තවත් හෝටලයක පස්වන මහලේ පිහිටි ඔහුගේ කාමරය වෙත කැදවාගෙන ගොස් ඇරලවා ඇත.

කාමරයේ ජනේලය මත රැදි සිටි කලමණාකාරවරයා (29) දින අලුයම 1.45 ට පමණ පහලට වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය සැකකරයි.

ජිවිතක්ෂයට පත් කලමණාකරවරයාගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වගා කිරීමට ඉඩ නොඳීම නිසා දිවුලපතාන ගම්වාසීන් දැඩි අසරණ වෙයි - බය කරලා එලවන්න මීහ#ක් නෙවෙයි ඉන්නේ
14:01
Video thumbnail
පුංචි මදුරුවෙක්ට ආණ්ඩුව බයයි නම් බලය දීලා යන්න
02:25
Video thumbnail
මමත් හරිනි, අගමැතිතුමියත් හරිනි - අපේ නමේ ගෞරවය රකින්න
01:21
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවෝ පාර්ලිමේන්තුව වටලයි - උණුසුම් තත්ත්වයක්
05:43
Video thumbnail
ඩෙංගු බලන්න ගිහින් නිලධාරින්ට යකා නගියි"ඔයාගේ කුණු මෙතන දාලනේ තියෙන්නේ පච කියන්න එපා රට වටේම"
03:16
Video thumbnail
සුජීව නැගිටිලා ආණ්ඩුවට දුම් විසිවෙන්නම දෙයි - ජනතාව පොල්ල අතට ගන්නවා
07:21
Video thumbnail
කළුතර නගරයේ හා අවට ආරක්ෂාව තර කරයි - ආරක්ෂාවට පොලිස් නිලධාරින් 650ක් දායි
01:20
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දැන් අතුරුදන් වෙලා - හොයාගන්නවත් නෑ
07:48
Video thumbnail
බන්ධනාගාරයේ මි#ගිය අය වෙනුවෙන් සජබ කාවින්ද පැන් වඩයි - අපිට දාරාගන්න බැරි කම්පනයක්
06:00
Video thumbnail
චරිත් සල්ලි ගත්තේ ඩොලර්වලින් ද, ඩිර්හම්වලින් ද - සජිත්ට දාපු කින්ඩිය
12:42