වාහන ගන්න ඉන්න අයට අලුත්ම සුබම සුබ ආරංචියක්

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම අලුත් වැඩකට අත තැබීමට සූදානම් වෙයි.

ඔවුන් අද (29) නිවේදනය කළේ එළඹෙන වසර 5 තුළදී විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඩොලර් බිලියන 17.59ක් යෙදවීමට බලාපොරොත්තු වන බවය. විශේෂයෙන් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පාලනය සඳහා විවිධ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කරමින් සිටින පසුබිමක “විදුලි සහ හබ්‍රිඩ්” වාහන සඳහා වැඩි ඉල්ලුමක් ඉදිරියේදී ඇතිවෙතැයි එම සමාගම පවසයි.

නිසාන් සමාගම ජපානයේ තෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වෙයි.

2030 වනවිට විදුලි මෝටර් රථ වර්ග 23ක් හඳුන්වාදීම එහි සැලැස්ම වේ.

2020 දී ලොව විදුලි මෝටර් රථ ලියාපදිංචි කිරීම් 41% කින් වර්ධනය වී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
399
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?