කෑගල්ල – රොක්හිල් – කහටපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
මෙහිදී ගෑස් සිලින්ඩරයට හානියක් සිදුව නැති අතර ලිප පුපුරා ගොස් තිබුණා.
එයින් කැබලි මුලුතැන්ගෙය පුරාම විසිරී තිබූ බවයි එහි හිමිකරු පවසා තිබෙන්නේ.
අද උදෑසන තේ පානය සඳහා වතුර උණු කිරීමට ලිප දල්වා හිමිකරු නාන කාමරයට ගිය අවස්ථාවේදීයි මෙම පිපුරුම සිදුව තිබෙන්නේ.













