මෛත්‍රීට පල නොකියා පලා බෙදන ප්‍රසන්න

පුරසාරම් දෙඩවීමට පෙර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් බව සිහියේ තබාගත යුතුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (27) කොළඹ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර මේ දිනවල පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබද ව මාධ්‍ය වේදින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට තුනෙන් දෙකේ බලයක් අත්‍යවශ්‍ය නොවන බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරිම වැනි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම වැනි ඇතැම් විශේෂ කරුණු සදහා පමණක් තුනෙන් දෙකේ බහුතර පාර්ලිමේන්තු බලයක අවශ්‍යතාවය මතු වන බව පෙන්වා දෙයි.

ආණ්ඩුව තුනෙන් දෙකේ බහුතරය බලය ආණ්ඩුවට හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යැයි පවසන අය ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව බිඳ වැටීමට ලක් නොවන බව මෙහි දී අවධාරණය කළ ඇමතිවරයා මේ නිසා මාධ්‍ය ඉදිරියේ හා නොයෙකුත් තැන්වල පුරසාරමි දෙඩීම පසෙක තබා අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට ආණ්ඩුවෙන් ඉවත්ව යාමේ හැකියාව ඇතැයි ද කියා සිටියි.

ඉකුත් මහ මැතිවරණයේදී “මෛත්‍රිපාල සිරිසේනට ගෑවුණු කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා” යි තමන් කළ ප්‍රකාශයද සිහිපත් කල අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, රටත්, රටේ ජාතික ආරක්ෂාවත්, විනාශ වූයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය නිසා යැයි වැඩිදුරටත් මෙහි දී කියා සිටියේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තලපති විජේට, ජනපති අනුර සුභ පතයි
00:59
Video thumbnail
පෑලියගොඩ මැනිං මාකට් එක රත්කළ හදිසි ගින්න
00:45
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25