ගේ සින්න වුණානේ. කනත්තක මඩුවක් ගහගෙන හරි අපි ඉන්නවා

‘‘අක්කා කැමති වුනත්, මං තමුන් එක්ක එන්න දෙන්නෙ නෑ. පුළුවන් දෙයක් කරපල්ලා, ගේ සින්න වුනානෙ, මේ ගේනෙ ඕනෙ. මේ… ගෑනු තුන්දෙනෙක්ට පාට් දාන හාමු, අපි දැම්ම මේ ගෙදරින් යනවා, ගහක් යට නෙවේ… කනත්තක මඩුවක් ගහගෙන හරි අපි ඉන්නවා’’
මේ විදියට කියන කටකාර හැඩකාර මේ කෙල්ල අපට හමුවන්නෙ ‘ලොක්කි’ නාට්‍යයේ ‘දෙවැනි’ ලෙසයි. අපි බලමු ලොක්කිගෙ, දෙවැනි වූ මේ රතු මිරිස් කරල කවුද කියලා?

හරි සැරයි වගේ පේන්නෙ? සැබෑ ජීවිතයේදිත් කටකාර චරිතයක්ද?

ටිකක් විස්තර එහෙම තමයි.

කියමුකො බලන්න ඇත්ත නම?

එච්.කේ.එල්. ධනුෂිකා සඳරේණු පෙරේරා. ඒත් හැමොම වගේ කතා කරන්නෙ ‘ධනූ’ කියලා. ඒ නිසා ධනූ පෙරේරා කියලා භාවිතා කරනවා.

‘ධනූ’ කවුද?

බොහොම සාමාන්‍ය ගැහැනු ළමයෙක්. තවම මට රංගන ශිල්පිනියක් කියලා කියන්න බැහැ. මේ තමයි මගේ පළවැනි රංගනය. කොහොමටත් රංගනය මගේ වෘත්තිය නෙවෙයි. නර්තන අංශයේ ගුරුවරියක වීමේ අපේක්ෂාවෙන් ඉන්නෙ.

‘ධනූ’ ගෙ ගම?

පිළියන්දල.

ගෙදර විස්තර එහෙම කිව්වොත්?

අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, මමයි.

‘ධනූ’ ඉගෙන ගත්තෙ?

පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන්. ඉන්පසුව සෞන්දර්ය සරසවියට තේරුණා. උපාධිය ලබාගෙන සිටින අතරෙදි, ගුරු වෘත්තියට (නර්තන අංශයේ) බැඳීමේ අරමුණ මූලික කරගෙන කටයුතු කරනවා.

රංගනයට අවස්ථාව හිමිවුණේ?

කාශ්‍යප දිසානායක අයියා නිසා කිව්වොත් හරි. හර්ෂ සහ ෂර්මාල් අයියාට මාව හඳුන්වලා දුන්නෙ කාශ්‍යප අයියා. ලොක්කි ටෙලිනාට්‍යයේ පහන්ගි හෙවත් දෙවැනි චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණේ ඒ විදියටයි.

ලොක්කි නාට්‍යයේ ‘පහන්ගි’ට ගෙදර අය කතා කරන්නෙ කොහොමද?

‘සුදුනෝනා’ කියලා.

‘සුදු නෝනා’ ඇත්තටම විසේකාර කෙල්ලක්ද?

ටිකක් විතර පහන්ගි වගේ තමයි. හැබැයි එච්චරම කොලු ගති නැහැ.

ගෙදරදි, එක, එක විප්ලව එහෙම කරනවා?

කළ අවස්ථා තියෙනවා. නැත්තෙමත් නැහැ.

මීට කලින් රඟපාලා නැති එකේ, මේ අත්දැකීම කොහොමද?

ලොකු අත්දැකීමක්. මට ලැබුණු ලොකුම අත්දැකීමක් වෙන්නෙ රඟපෑම ගැන කිසිම දවසක හිතුවෙ නැති නිසයි. කාශ්‍යප අයියා මට මේ චරිතය ගැන කිව්වාමත් මම ඒකට එච්චර කැමති වුණේ නැහැ. බයක් තිබුණෙ. ඒ නිසයි අකමැති වෙලා හිටියෙ. ඒත් අපේ ඥාති මල්ලිලා දෙන්නෙක් වන පින්සර සහ ආකාශ් තමයි මාව ඉස්සරහට තල්ලු කළේ. අක්කෙ අපි කොහොමහරි මේ වැඩේ කරමු. අපි දෙන්නත් එන්නම් කියලා මාව එක්කගෙන ගියේ ඒ දෙන්නා. ඉස්සෙල්ලාම මට ලොකු කොටසක් කරන්න තිබුණෙ නැහැ. ඒත් පිටපත අතට දුන්නාම පුදුම බයක් ඇතිවුණේ.

‘අද’ ගෙදර අය මොනවද කියන්නෙ?

එයාලාට හරිම සතුටුයි. අම්මයි – තාත්තයි මේ නාට්‍ය හරිම ආසාවෙන් බලන්නෙ. චුටි අයියා තමයි මගේ අඩු පාඩු පෙන්නලා, හොඳම විචාරය ලබා දෙන්නෙ. ලොකූ ඒක නරඹලා නිශ්ශබ්දව විමසිල්ලෙන් ඉන්නවා.

‘ධනූ’ ගෙ පවුල මොන වගේද? කලා අංශයට සම්බන්ධයිද?

කලා පවුලක් නෙවෙයි. ඒත් ගෙදර ඔක්කොටම විවිධ කලා හැකියා තියෙනවා. තාත්තාට වගේම චුටි අයියටත් චිත්‍ර අඳින්න පුළුවනි. චූටි අයියට සිංදු කියන්නත් පුළුවනි.

‘ධනූ’ වඩා දක්ෂ?

මම හිතන්නෙ නර්තනයට.

‘පහන්ගි’ වගේ, කැම්පස් එකේදි ‘ධනූ’ කොල්ලො එක්ක පැටලිලා තියෙනවද?

එහෙම නැහැ ඉතිං. කැම්පස් එකේදි රස මතකයන් නම් ගොඩායි.

පහන්ගි වූ ‘ධනූ’ ට ආදරය දැනෙන විදිය මොන වගේද?

ආදරයේදි මම හරිම සංවේදියි. ඒ වගේම ආදරයේදි මම හරිම ලෝබයි. අම්මයි – තාත්තයි මට වඩා අයියලා දෙන්නට ආදරය කළොත් ඊර්ෂ්‍යාවක් එනවා. ඒ විදියට ආදරයට වෙලාවකට මම ආත්මාර්ථකාමියි.

ඉතින්, ඉතින් ‘ධනූ’ ගෙ ‘ආදරය’ මොන වගේද?

මගේ ආදරය ඉතිං අම්මා තාත්තා, අයියලා දෙන්නා තමයි.

‘ධනූ’ ගෙ ජීවිතේ සුන්දරයිද?

ඔව්, ඔව්, අපි ජීවිතේ සුන්දර කර ගන්න ඕනෑ.

කොහොමද ජීවිතය සුන්දර කර ගන්නෙ?

ඕනෑම දෙයක් දුෂ්කරයි. අසීරුයි. කිසිම දෙයක් ලෙහෙසියෙන් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඒ සියල්ල සුන්දර කරගෙන ජීවිතය විඳින්න පුරුදු වෙන්න ඕනෑ. ජීවිතය තියෙන්නෙම විඳින්න.

‘ධනූ’ දවස ගෙවන විදියත් කියමු?

මම දවසේ හරිම කාර්යබහුල කෙනෙක්. සා/පෙළ කරන නංගිලා – මල්ලිලාට වගේම, නර්තන විෂය මාලාවට සම්බන්ධව හදාරන සිසු – සිසුවියන්ට පංති කරනවා. ඒ හැරුනාම රංගනයට දැන් සම්බන්ධවෙලා ඉන්න නිසා දවස හරිම කාර්ය බහුලයි.

‘රඟපාන’ එක හරිම ජොලිද? නියමයිද? කොහොමද?

ජීවිතේ කිසිම දෙයක් ලේසි නැහැ. ලේසි කියලා හිතෙන දෙයක් තියෙනවා නම්, ඒක සාර්ථක නැහැ. රංගනය ලෙහෙසි නැහැ. ඊට කලින් රඟපාලා තිබුණෙත් නැහැ. ඒ නිසා ඒක ලොකුම අභියෝගයක් වුණා. හැබැයි ඉතින් කලා ජීවිතය හරි ලස්සනයි. රඟපෑම ගත්තොත්, ඒක ලොකු වගකීමක්. අපි එය හරියට නොකළොත්, මුළු නිර්මාණයම අසාර්ථක වෙනවා. ඒ නිසා ඒ තේරුම් ගැනීම වැදගත්.

‘ධනූ’ විවාහය ගැන හිතලද තියෙන්නෙ?

තවම නම් ඒ ගැන ලොකුවට හිතලා නැහැ. විවාහයට පෙර මම ස්වාධීන වෙන්න ඕනෑය කියල හිතනවා. මගේ ස්වඋත්සාහයෙන් ස්ථාවර වූ පසුව හිතලා බලනවා. කොහොම වුණත් කවදහරි විවාහ වෙන කෙනා මාව හොඳින් රැක බලා ගන්න, මම ගැන සොයලා බලන, සෙනෙහස, ආදරය නිබඳව ලබා දෙන කෙනෙක් වෙන්න ඕනෑ. ආදරයේදි, විවාහයේදි බාහිර පෙනුමට වඩා මට වැදගත් වෙන්නෙ ගතිගුණයි.

‘ධනූ’ සතුටු වෙන්නෙ මොන වගේ දේ නිසාද?

මාව සතුටු කරන්න ලොකු ලොකු දේ අවශ්‍ය නැහැ. ලැබෙන දෙයින්, බොහොම පොඩි දෙයකින් පවා මම සෑහීමකට පත්වෙන කෙනෙක්. අම්මා – තාත්තා සිටින තැන, යාළුවෝ සිටින තැනදි මම හරිම සතුටින්. විවේකයක් ලැබුනාම යාළුවො එක්ක රවුම් ගහන්න කැමතියි. මගේ හොඳම යාළුවා හමුවන්න යනවා. එක්කො ඔෆිස් එකේ යාළුවො හමුවෙනවා. ලොක්කි ටෙලිඩ්‍රාමා එකේ අය හමුවෙන්න එනවා කිව්වොත්, මොන වැඩේ හරි දාලා යනවා.

ඔෆිස් එකේ යාළුවො කිව්වෙ?

කැම්පස් යන්න කලින් මම රැකියාවක් කළා. ආයතන දෙකක විතර වැඩ කළා. ඒ ආයතන දෙකේම මගේ හොඳ යාළුවෝ ඉන්නවා. එයාලා හරියට මගේ පවුලේ අය වගේ. උපන් දිනය තිබුණෙ මේ මාසෙ 6 වැනිදා. එදා මම ගෙදර නැති වෙලාවෙ යාළුවෝ ඇවිත් සප්‍රයිස් බර්ත් ඩේ එකක් පවා ලැහැස්ති කරලා තිබුණා. ‘චායා දේශානි’ මගේ හොඳම යාළුවා. එයා තමයි මේ ඔක්කෝම හරියට සංවිධානය කරලා තිබුණෙ.

‘ධනූ’ගේ තියෙන හොඳම ගුණාංගය?

ඉක්මනටම හිත උණුවීම.

දුර්වලකම?

ඉක්මනට මිනිස්සු විශ්වාස කිරීම.

සඳුන් ගම​ගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
91
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50