ගෑස් අනතුරෙන් මියගිය කතගේ මරණයට හේතු වූ සැබෑ අභිරහස මෙන්න

පොළොන්නරුව, වැලිකන්ද – සඳුන්පිටිය ගම්මානයේ ගෑස් සිලින්ඩරයක් පිපිරී, 19 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවල ලබා මියගිය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ වාර්තාවේ සඳහන් වන්නේ, අදාළ කාන්තාව, සියදිවි හානි කරගෙන ඇති බවට ඇය මරදාන පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ පැහැදිලිව සටහන්ව ඇති බවයි.

කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේත් අදාළ කාන්තාවගේ මරණය සියදිවි හානි කරගැනීම හේතුවෙන් සිදු වූවක් බවට තහවුරු කළ හැකි බවයි.

අදාළ කාන්තාව සහ සැමියා අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සැමියා රැකියාවට පිටත්ව යාමෙන් පසු අදාළ කාන්තාව සිය සිරුරට භුමිතෙල් වත්කරගෙන ගිනි අවුළුවා ගෙන තිබෙනවා.

ඇය එසේ කිරීමට පෙර සිය සැමියාට වට්ස්ඇප් ඔස්සේ දුරකතන ඇමතුමක් ලබා දී භූමිතෙල් බෝතලය ද පෙන්වා ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, සැමියා ආපසු නිවසට පැමිණෙද්දි ගිනි තබා ගැනීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව පළමුව වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත්තේ, ඇයගේ අසල්වැසි කාන්තාවක විසිනුයි.

ඇය කරුණු හරි හැටි සොයා නොබලා රෝහල් පොලීසියට අනුමාන වශයෙන් කියා ඇත්තේ, ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වන්නට ඇති බවටයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මෙම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට පළමුව යොමු කෙරුණු අතර, ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලබන්නේ පොළොන්නරු රෝහල හරහා යි.

මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවද්දී, මරදාන පොලිසිය විසින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ, සිය සැමියා සමග ඇති වූ අමනාපය හේතුවෙන් භූමිතෙල් වත් කරගෙන සිරුරට ගිනි තබා ගත් බවයි.

කෙසේ වෙතත්, අප වාර්තාකරු සමඟ අදහස් දැක් වූ මෙම 19 හැවිරිදි බී.ජී. අයේශා කුමුදුනිගේ පියා වන බී.ජී. ජයසූරිය කියා සිටියේ, සිය දියණිය අලුයම ගෑස් ලිප පත්තු කිරීමට යාමේදී සිදු ව තිබූ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙලෙස හදිසි අනතුරට ලක් වූ බවයි.ඔහු වැලිකන්ද පොලිසියට ද ලබා දී ඇත්තේ, එම ප්‍රකාශය යි.

ගෑස් ටැංකිය පුපුරා ගොස් මිලින වූ අයේෂා අවසන් ගමන් ගිය හැටි

ගෑස් සිලින්ඩරයක් පුපුරා අවසන් ගමන් ගිය අයේෂා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?