අපේ පොලිසියට ස්කොට්ලන්ත පොලිසිය දුන් පුහුණුව නවතා දමයි

වසර ගණනාවක් සිට මෙරට පොලිසියට ස්කොට්ලන්ත පොලිසිය විසින් ලබා දුන් පුහුණුව නවතා දමන්නට ස්කොට්ලන්ත පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බී.බී.සී ලෝක සේවය වාර්තා කරනවා.

ඔවුන් මෙයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ දිගින් දිගට ම සිදු වන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්.

ස්කොට්ලන්ත පොලීසිය ශ්‍රී ලංකාවට ලබාදෙන පුහුණුව සම්බන්ධයෙන් අලුත් කරගත යුතු පොරොන්දු ගිවිසුම පසුගිය මාර්තු මාසයේ දී කල් ඉකුත් වූ අතර, එය තවදුරටත් දීර්ඝ කිරීමට අදහස් නො කරන බවයි ස්කොට්ලන්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී “ඉයන් ලිවින්ග්ස්ටන්” පවසන්නේ.

තව දුරටත් අදහස් දැක්වූ ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම යෝජනා ක්‍රමය අලුත් නො කරන බවට උපදෙස් දෙන ලෙස කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ද ලිඛිත ව දැනුම් දී ඇති බවයි.

2021 වසරේ පළමු භාගයේ සිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අඛණ්ඩ ව පිරිහෙමින් පවතින බව මෑත කාලීන ස්කොට්ලන්ත විදේශ කාර්යාල වාර්තාවක සඳහන් වී තිබුණා.

එහි සඳහන් ව තිබුණේ, ආරක්ෂක අංශ විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් ගණනාවක් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් ඔවුන් බිය ගැන්වීම් වැඩි කර ඇති බව එහි සඳහන් වනවා.

මේ සම්බන්දයෙන් බීබීසීය සිදු කළ විමසීමක දී ස්කොට්ලන්ත පොලිස් දෙපාර්තමේන්තු ප්‍රධානී ඉයන් ලිවින්ග්ස්ටන් “අපි ඇත්ත වශයෙන්ම ලොව පුරා පොලිස් සේවාවන්හි ජාත්‍යන්තර සංවර්ධනයට සහාය වීමට කැපවී සිටිමු, එවිට අපට මානව හිමිකම් වැඩි දියුණු කිරීමට සහ සක්‍රීය කිරීමට හැකි වන අතර ස්කොට්ලන්තයේ අඛණ්ඩතා ව, සාධාරණත්වය සහ ගෞරවය පිළිබඳ අප අගය කරන වටිනාකම් අවධාරණය කළ හැකිය යනුවෙන් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07