රසායනික පොහොර ගෙන්වීම වැට උඩ : සමාගම් වලට රජයෙන් බිලියන 24ක පොල්ලක්

අවසර ලබාදී තිබුණද, රසායනික පොහොර ආනයනය කිරීමේදී මේවනවිට තවත් ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ පොහොර සමාගම් සඳහා ආණ්ඩුව විසින් ගෙවිය යුතු මුදල් මෙතෙක් ලබා නොදීමයි.

ඉකුත් සමයේ සහනාධාර ලෙස ලබාදුන් පොහොර සඳහා රුපියල් බිලියන 24 ක මුදලක් පොහොර සමාගම් වෙත ගෙවීමට ඇති බවයි. මෙම මුදල ලැබෙන තෙක් යළි රසායනික පොහොර ආනයනය සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා බවයි පොහොර සමාගම් සඳහන් කරන්නේ.

එමෙන්ම ලෝක වෙළඳපලේ රසායනික පොහොර මිල ගණන් ද මේවනවිට අධික ලෙස ඉහල ගොස් තිබෙනවා. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඉකුත් සමයේ දිගින් දිගටම අනාවරණ කළේ හදිසියේ රසායනික පොහොර ගෙන්වීමට සිදුවවත් එය කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අපහසුතාව පෙන්වා දෙමින්.

මීට පෙර ශ්‍රී ලංකාවට රසායනික පොහොර වැඩිවශයෙන් ආනයනය කළේ චීනයෙන්. එහෙත් ලොව පුරා රසායනික පොහොරවලට පවතින ඉල්ලුම හේතුවෙන් චීනය පොහොර අපනයනය සීමා කර තිබෙනවා. සිය රටේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පමණක් මේවනවිට චීනයේ පොහොර ප්‍රමාණවත් අතර අපනයනය කිරීම සඳහා පොහොර තොග ප්‍රමාණවත් නොවීම ඊට හේතුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට දැන් පොහොර ආනයනය කිරීමට සිදුවන්නේ රුසියාවෙන්. චීනයෙන් පොහොර ගෙන්වන්නේ නම් බහාලුම් ලෙස අවශ්‍ය ප්‍රමාණයට පමණක් මෙරටට ගෙන්වීමට හැකියාව පැවතුනා. එහෙත් රුසියාවෙන් ආනයනය කරන්නේ නම් එසේ සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඊට හේතුවී ඇත්තේ රුසියාවේ පොහොර අපනයන ප්‍රතිපත්තියට යටත්ව ශ්‍රී ලංකාවට ද පොහොර මිලදී ගැනීමට සිදුවීමයි.

සාමාන්‍යයෙන් රුසියාවෙන් පොහොර ඇනවුම් කිරීමේදී මෙටි්‍රක් ටොන් 35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් එකවර ලබා ගත යුතුයි. එහෙත් පෞද්ගලික සමාගම් පවසන්නේ කිසිඳු සහනයක් නොලැබෙන බැවින් එතරම් විශාල ප්‍රමාණයක් එකවර ආනයනය කිරීම අපහසු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගේ ඇඳුම ගැන කිව්ව දේට අර්චුනාට යකා නගියි - මේක දෙමළ මිනිස්සු අදින එකක්
00:55
Video thumbnail
තනිවම අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ - හිනාවෙලා පැත්තකට වෙලා ඉන්න විදිය
01:36
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#නයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට - දරුවත් අරගෙන ගැම්මට යන හැටි
03:19
Video thumbnail
ගතවූ පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 1300ක් - ඩෙංගු රෝගීන් 65034 දක්වා ඉහළ යයි
02:41
Video thumbnail
අර්චුනාගේ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක් - ග#වලා පෙන්නන්නද ඇඳුම ?
01:59
Video thumbnail
රැඳවියන්ගේ සෞඛ්‍යය බිඳවැටීම ගැන වහා අවධානය යොමු කරන්න - බන්ධනාගාර පරිශ්‍රයන් අතිශය අපිරිසිදුයි
08:58
Video thumbnail
මංගල සාදයටකට ආ හිටපු ජනපති මහින්ද - සතුටින් හිනාවෙවී ඉන්න හැටි
00:10
Video thumbnail
හිතන්නේ නැති තැන්වල මදුරුවෝ බෝවෙලා තියෙන්නේ - අපිටත් පාලනය කරගන්න බැරිවෙයි
03:20
Video thumbnail
කොළඹ සරසවියේ දේශන සතියක් ඔන්ලයින් - සිසුන් 71කට ඩෙංගු..උප කුලපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:33
Video thumbnail
ඩෙංගු පරික්ෂාවට ගිහින් බත්තරමුල්ල PHI සැරවෙයි - මෙන්න පේනවද අම්බානෙක මදුරුවෝ
10:05