අයහපත් කාලගුණය තවදුරටත්

දිවයිනේ පවතින තද වැසි තත්වය ඉදිරියටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තව දුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුර, උතුරුමැද, බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක වලටත් හෙට දිනයේදී 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි.

මෙම අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ කොළඹ, කලුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශ සඳහා නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය ද හෙට පස්වරු 3.00 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

තවද මහවැලි, නිල්වලා ගංගා මෙන්ම දැදුරු ඔය, රාජාංගනය සහ මල්වතු ඔය මෙන්ම තවත් ජලාශ කිහිපයක පහත් බිම්වල වෙසෙන ජනතාවට ඉදිරි පැය 48 ක කාලයක් සඳහා ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තව දුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රධාන ජලාශ 73 න් ජලාශ 25 ක වාන් දමමින් පවතින බව ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54