AFC Banner
Empty Ad
Empty Ad

අයහපත් කාලගුණය තවදුරටත්

දිවයිනේ පවතින තද වැසි තත්වය ඉදිරියටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තව දුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුර, උතුරුමැද, බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක වලටත් හෙට දිනයේදී 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි.

මෙම අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ කොළඹ, කලුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශ සඳහා නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය ද හෙට පස්වරු 3.00 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

තවද මහවැලි, නිල්වලා ගංගා මෙන්ම දැදුරු ඔය, රාජාංගනය සහ මල්වතු ඔය මෙන්ම තවත් ජලාශ කිහිපයක පහත් බිම්වල වෙසෙන ජනතාවට ඉදිරි පැය 48 ක කාලයක් සඳහා ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තව දුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රධාන ජලාශ 73 න් ජලාශ 25 ක වාන් දමමින් පවතින බව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?