AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩු පෙරළියක් අත ළඟ

තාක්ෂණයේ දියුණුව මෙන් මාධ්‍ය මර්ධනය කිරීම සඳහා නව ක්‍රම වර්ථමානයේ භාවිත කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ තෙවන දිනය සඳහා අද (25දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මේ බව හෙතෙම සඳහන් කළේය.

එහදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා,

“මේ රට තුල පුරවැසි නිදහස තිබෙනවාද කියලා කල්පනා කරන්න වටිනවා. ජනමාධ්‍යයෙන් පුරවැසියාගේ නිදහසට, තොරතුරු දැන ගැනීමේ අයිතියට රසාස්වාදයට පමණක් නෙවෙයි සමස්ථ ජීවිතයටම එල්ල වන බලපෑම අපි වැඩි වශයෙන් දැක්කා පසුගිය කෝවිඩ් කාලයේ ලොක්ඩවුන් වෙලා තිබෙන වෙලාවේ.

රජයේ පාර්ශවයෙන් කියන්නේ අපි එක වෙඩි උන්ඩයක් එල්ල කරලා නෑ, අපි වතුර ගහලා නෑ, කදුලු ගෑස් ගහලා නෑ කියලා. නමුත් අද මේ මාධ්‍ය මර්දනය කිරීම සඳහා මේ රජය භාවිතා කරන ක්‍රමය අලුත් කරලා තිබෙනවා. 2015ට පෙර තමයි සුදුවෑන් ගෙනල්ලා මාධ්‍යවේදීන ඉස්සුවේ.

මාධ්‍ය ආයතන වලට බෝම්බ ප්‍රහාර ගැහුවේ. එහෙම නැතිනම් මාද්‍ය වේදීන්ව ඝාතනය කළේ. දැන් ඒ ක්‍රමය අලුත් තාක්ෂණය වගේ අලුත් ක්‍රමයකට භාවිතා කරලා තිබෙනවා. මේ ක්‍රම දෙකෙන් පළමු ක්‍රමය තමයි සමාජ මාධ්‍ය පරිශීලකයන් වගේම, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් කරුණු වාර්ථා කිරීම සම්බන්දව සී.අයි.ඩී එකට ගෙන්වා මානසිකය බිය ගන්වා ප්‍රවෘත්ති වාරණයකට ලක් කරන තැනකට මේ ආණ්ඩුව පත් කරලා තිබෙනවා.

අනිත් එක මේ මාධ්‍ය ආයතන වලට ව්‍යංගාර්තයෙන් බෝම්බ ප්‍රහාර වෙනුවට, ගිණිතැබීම් වෙනුවට වෙළද දැන්වීම් හරහා එල්ල කරන ප්‍රහාරය. රජයේ ආයතන වලින් වෙළද දැන්වීම් ලබා දෙනකොට ආණ්ඩුවේ ක්‍රටීරියා එකක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩු පෙරලියක් අත ළග. ඉදිරියේදී ඒ පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු නොකල අයට ඒ සම්බන්ධයෙන් සැලකිල්ලෙන් පසුවෙන්න.

සමාජ මාධ්‍ය පරිශීලකයන්ව ගෙන්වීමේ තිබෙන භයානක කම මොකක්ද. අද ජනමාධ්‍යයෙන් මේ තොරතුරු වසන් කරලා තිබෙන වෙලාවේ රටේ සහ ආණ්ඩුවේ සිදුවන දේවල් ජනතාවට දැන ගැනීමේ අයිතියක් තිබෙනවා. මේ හංගන තොරතුරු සමාජ මාධ්‍ය වලින් තමයි එළියට එන්නේ. මේ සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් වැහුවා කියන්නේ මේ රටම ආරක්ෂිත කලාපයක් වගේ ප්‍රවෘත්ති එලියට එන්නේ නැති තත්ත්වයකට පත්වෙනවා. අපි විපක්ෂය ලෙස පැහැදිලිවම අපේ විරෝධය පළ කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18

?