“හෝමාගම පොඩි සම්පත්” ගේ වැඩ ඉවරයි

රුපියල් ලක්ෂ 5කට අධික වටිනා හෙරෝයින් මත්කුඩු සමග ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයකු වන “හෝමාගම පොඩි සම්පත්” නමැත්තා මාකන්දන කැකුළුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 650ක් පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාවේ සිරගත කර සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අපරාධ කල්ලි නායකයෙක් වන කිඹුලා ඇළේ (ගුණා) නමැත්තාගෙන් ප්‍රධානතම ගෝලයෙක් බව පොලිසිය කියයි.

පොඩි සම්පත් නමැති අපරාධ කල්ලි සාමාජිකයා හෝමාගම ප්‍රදේශයෙන් වසන්වී කැස්බෑව ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන හොරෙයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අභයරත්නට දින කිහිපයකට ඉහතදී තොරතුරක් ලැබී තිබූ බව පැවසේ.

ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන් ලවා රහසිගත විමර්ශනයක් සිදු කර අදාළ පුද්ගලයා මාකන්දන කැකුළු විට ප්‍රදේශයේ නිවෙසක් මාසිකව රුපියල් 21,000 බැගින් වූ මුදලකට කුලි පදනම මත ලබාගෙන පදිංචිව සිටින බවට අනාවරණය කර ගැනීමට හැකිව ඇත. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ විමර්ශනයේදී ඔහු මත්කුඩු ජාවාරම සිදුකරන බවට සැක හැර දැනගත් පොලිස් නිලධාරීන් පෙරේදා (22 වැනිදා) රාත්‍රි පොඩි සම්පත් නමැත්තා නිවෙසට පැමිණෙන අවස්ථාවේදී මඟ රැක සිට අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී මෙම මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පොඩි සම්පත් නමැත්තා ඉන්දියාවේ සිරගතව සිටින කිඹුලා ඇළේ ගුණා නමැත්තාගේ සහෝදරයා ඝාතනය කිරීමේ සැලසුම් සකස් කළ කළුබෝවිල, බෝධිය වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සුරේන් ජයසිංහ නමැත්තාව කිඹුලාඇළේ ගුණා නමැත්තාගේ උපදෙස් මත පන්නිපිටිය ගුවන් පාලම මතදී වෙඩි තබා ඝාතනය කිරීම, ගම්පහ මූල්‍ය ආයතනයක කෝටි 10ක මුදල් මංකොල්ලය, මත්තේගොඩ විහාරස්ථානයක් තුළ දී මූල්‍ය ආයතනයක නියෝජිතයා බිය ගන්වා මුදල් මංකොල්ලය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූවකු බව පොලිසිය කියයි.

කිඹුලා ඇළේ ගුණාගේ උපදෙස් මත අපරාධ රැසක් සිදු කළද අනෙක් අපරාධකරුවන් මෙන් කෙදිනකවත් කිඹුලා ඇළේ ගුණා නමැත්තාව පාවා නොදී ඇති හෙයින් කිඹුලා ඇළේ ගුණා නමැත්තා පොඩි සම්පත් නමැත්තා කෙරේ දැඩි විශ්වාසයක් තබාගෙන ඇති බවට සැකකරු සිදු කළ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
ගතවූ පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 1300ක් - ඩෙංගු රෝගීන් 65034 දක්වා ඉහළ යයි
02:41
Video thumbnail
අර්චුනාගේ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක් - ග#වලා පෙන්නන්නද ඇඳුම ?
01:59
Video thumbnail
රැඳවියන්ගේ සෞඛ්‍යය බිඳවැටීම ගැන වහා අවධානය යොමු කරන්න - බන්ධනාගාර පරිශ්‍රයන් අතිශය අපිරිසිදුයි
08:58
Video thumbnail
මංගල සාදයටකට ආ හිටපු ජනපති මහින්ද - සතුටින් හිනාවෙවී ඉන්න හැටි
00:10
Video thumbnail
හිතන්නේ නැති තැන්වල මදුරුවෝ බෝවෙලා තියෙන්නේ - අපිටත් පාලනය කරගන්න බැරිවෙයි
03:20
Video thumbnail
කොළඹ සරසවියේ දේශන සතියක් ඔන්ලයින් - සිසුන් 71කට ඩෙංගු..උප කුලපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:33
Video thumbnail
ඩෙංගු පරික්ෂාවට ගිහින් බත්තරමුල්ල PHI සැරවෙයි - මෙන්න පේනවද අම්බානෙක මදුරුවෝ
10:05
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47