පාර්ලිමේන්තුවේ දැවෙන ප්‍රශ්නයක්

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන්ගෙන ආණ්ඩුවට සහයෝගය පළ කරන බැවින් ඔවුන්ට ආණ්ඩු පක්ෂය පැත්තෙන් අසුන් පනවන ලෙස ඉල්ලීම් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.

අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ අසුන් පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේ අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සිදු කරන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ජ්‍යේෂ්ඨත්වක් හෝ සම්ප්‍රදායට ගරු නොකරමින් හැසිරෙන බවත් එහිදී අදහස් පළ කරමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර – මේ පාර්ලිමේන්තුවේ ආසන පැනවීම කථානායකවරයාට වරින් වර වෙනස් කරන්න පුලුවන්. විශේෂයෙන් මේ ඉදිරිපෙළ විපක්ෂයේ ආසන පැනවීමේදී අතුරලියේ රතන හිමියෝ සහ අලි සබ්රි රහීම් කියන මන්ත්‍රීවරයා විපක්ෂයේ ඉදිරිපෙල ඉන්නේ.

හැමදාම ආණ්ඩුවත් එක්ක ඡන්දය දෙනවා වගේම ආණ්ඩුව සමග කටයුතු කරනවා. ඒක වැරදියි. විපක්ෂයෙත් ඉදිරිපෙළේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ඉන්නවා කියන එක හරියට ඔත්තුකාරයෝ දෙන්නෙක් ඉන්නවා වගේ. මේ ප්‍රශ්නය විසඳලා දෙන්න.

කථානායක මහින්ද යාපා අබේවර්ධන – ඒක පක්ෂවල තීරණයක්. ඒකට අපිට මැදිහත් වෙන්න පුලුවන් කමක් නෑ.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර – නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා අපේ සම්ප්‍රදාය කියෙව්වොත් හොඳයි. ඕනෑම පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙන් ඒ පක්ෂයෙන් එනවා නම් ඉදිරිපෙළ ආසනයක් දෙන එක සාමාන්‍ය සම්ප්‍රදාය. එතුමා විපක්ෂයේ ඉදලා ආණ්ඩුවට සහය දෙනවාද කියන එක ඔවුන්ගේ පුද්ගලික තීරණයක්. නමුත් ඔබතුමාට අයිතියක් නෑ ආණ්ඩුවේ නිසා ඔවුන්ව මේ පැත්තට තල්ලු කරන්න.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල – කාලෙකට කලින් මුස්ලිම් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ආණ්ඩුවට සහයෝගය දුන්නා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කළා ඒ අය ආණ්ඩුවේ ගොඩට දාන්න කියලා. ඔබතුමා ඒ අනුව වාඩි කළා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ක. මේ දෙපල ඉන්නේ අපේ ගොඩේ. එහෙම ඉන්න බෑ.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – මේ සම්ප්‍රදාය තීරණය කරන්නේ කතානායකවරයා. මේ සම්ප්‍රදාය ගැන කරුණු ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් තීරණය ගන්නේ මන්ත්‍රීවරයෙක්ගේ ආසනය සම්බන්ධව ඔබතුමා. ඒක තමයි පාර්ලිමේන්තු ඉදිහාසයේම වෙලා තිබෙන්නේ. ඒක නොදැනගෙන නෙවෙයි මේ කතා කරන්නේ.

ඒ වගේම නොදැන කතා කරලා රට රවට්ටන්න පුලුවන්. මේ කතා කරන අයම මේ පැත්තේ ඉදගෙන ආණ්ඩු කරන කාලයේ ටී.එන්.ඒ එකේ සුලු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව විපක්ෂනායක කළා. කිසිදු සාධාරණ සත්‍යක් හෝ පදනමක් හෝ ජ්‍යේෂ්ඨත්වක් , සම්ප්‍රදායක් පාර්ලිමේන්තුවේ ගරු කරලා නෙවෙයි මේ හැසිරෙන්නේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල – මම කතා කළේ වර්ථමාන පාර්ලිමේන්තු වේ ඔබතුමා ආරම්භ කළ සම්ප්‍රදාය. මුස්ලිම් මන්ත්‍රීවරු අපෙන් අයින් වුණා ඔබතුමා අපේ ගොඩේ තිබ්බේ නෑ ඒ අය. අපි කියන්නේ ආණ්ඩුවේ ගොඩට දාන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06