ජනාධිපතිට පිස්සා කියන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද රටේ තියෙනවා

රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවට විපක්ෂයේ එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියේය.

”අද ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැයි ලු. අද මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද කියනවා නම් එතුමාට පිස්සා කියලා කියන්න පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද එතුමා මේ රටේ ඇතිකරලා තියෙනවා කියන එක මම තමුන්නාන්සෙලාට මතක් කරන්න කැමතියි. අපි ඕවාට කලබල වෙන්නෙ නෑ. පිස්සො පිස්සො කියලා කිව්වාට අපි ඔව්වා ගැන කලබල වෙන්න එන්නෙ නෑ.

ඊළඟට එතුමාගෙ නම ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හුඟාක් අයට එතුමාගෙ නම හොයාගන්න පුළුවන් වුණේ අවුරුදු එකහමාරක් ගියායින් පස්සෙ තමයි නන්දසේන කියලා. එතුමාගෙ නමත් ප්‍රශ්නයක්. සමහරුන්ට එතුමා බොහොම සරල ලෙස ඇවිල්ලා දිවුරුම් දෙන්න එද්දී පාර්ලිමේන්තුවට එතුමාගෙ වැරැද්දක් හැටියට දැක්කෙ සුදු ඉර කැපුවා කියලා. දෙවැනි දවසෙ මහා ලොකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා ජනාධිපතිතුමා සුදු ඉර කපලා ආවා කියලා.

ඉතිං ජනාධිපතිතුමා සරල වුණාමත් ප්‍රශ්නයක්. එතුමා නිකම් ෂර්ට් එකක් ඇඳගෙන ආවත්, එහෙම නැත්නම් එතුමා වෙඩිමුර තිබ්බෙ නැත්නම්, තේජස්වන්ත කමෙන් ඇවිල්ලා දිවුරුම් දුන්නෙ නැත්නම් කතා කෙරුවෙ නැත්නම් ඒකත් සමහර අයට ප්‍රශ්නයක්, හරි ගෞරවයක් තිබුණෙ නෑ කියලා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38