තම ප්‍රතිපත්ති ප්රකාශනයේ හරිත කෘෂිකර්මාන්තයක් පිළිබඳව පැහැදිලිව සඳහන් කර ඇති බවත් ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළ නොහැකි නම් ඉවත්ව යා යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පොහොර ගැටලුව පිළිබඳව ජනපති ලේකම් කාර්යාලයේ පැවැති හමුව අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
“මේ ව්‍යුහය තාම හැදිලා නෑ. ඒකේ ඉන්නෙත් රසායනික සමාගම් ප්‍රචලිත කරන අය. ලේකම්වරයා හරි පොහොර අධ්යක්ෂ හරි ඒ හැමෝම ප්‍රතිපත්තිවලට විරුද්ධව කථා කළොත් එයාලා එතනින් අයින්වෙලා යන්න ඕන.කරන්න පුළුවන් අයට කරන්න දීලා.
හැම කෙනෙක්ම මේ ප්‍රතිපත්තිය අනුව යන්න ඕන. විද්‍යාඥයෝ අරගොල්ලෝ මේ ගොල්ලො ඇවිල්ලා කිව්වට ඒ අයගේ කාර් එක කවුද දුන්නේ කියලා බැලුවොත් පොහොර සමාගමකින් දීලා තියෙන්නේ.සමහර අධ්‍යක්ෂකවරු, පොහොර සමාගම්වලම අධ්යක්ෂවරු. ඒ අය තමයි මේක ඇවිත් කියන්නේ.
අද ලෝකයම හරිත කෘෂිකර්මයට යන්නේ. මේ කන්නයේ දැනට තියෙන ඒවට ගොවියන්ටන උත්තරය දෙන්න ඕන. “