දිවයින පුරා එළවලු හිඟයක් : මිල ගණන් 100 කින් ඉහළට

සිය ගොවිතැන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හේතුවෙන් ගොවින් එළවළු වගාව අත්හැර දැමීම සහ වගා කලද එළවළු අස්වැන්න අඩුවීම හේතුවෙන් මේ වන විට දිවයින පුරා එළවළු හිඟයක් ඇතිව තිබෙනවා.

ඒ හේතුවෙන් පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම 60%කින් පමණ අඩුව ඇතැයි මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ මැනිං වෙළෙඳපොළට වෙනදා එළවළු පැමිණෙන නුවරඑළිය, යාපනය, තංගල්ල, අකුරැස්ස, මහනුවර, මඩකළපුව, කඩුවෙළ සහ දෙනියාය ඇතුළු දිවයිනේ එළවළු වගාකරන සෑම ප්‍රදේශයකින්ම එළවළු තොග ලැබීම සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි.

ඒ හේතුවෙන් එළවළු මිල දෛනිකව ඉහළයන බවත් මේ වන විට සිල්ලර වෙළෙන්දන්ට සහ පාරිභෝගික ජනතාවට දැරිය නොහැකි මට්ටමට එළවළු මිල අහස උසට නැග ඇතැයි ඔහු පවසනවා.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු ලැබීමද පහල වැටී ඇති අතර ලැබෙන එළවලු ගුණාත්මක භාවයද අඩුවී තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවළු මිල ගණන් පහත දැක්වේ …

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

දෛනික මිල තොරතුරු තොග මිල ( Rs/1 Kg)

ගෝවා 240-250

මල්ගෝවා 300-320

බෝංචි 330-340

ලීක්ස් 370-380

කැරට් – නුවරඑළිය 390-400

කට්බීට් – මැල්සිරිපුර 90-100

තක්කාලි 280-300

රාබු 140-150

නෝකෝල් 180-200

කැකිරි 75-80

පිපිඤ්ඤා 95-100

අර්තාපල් – නුවරඑළිය 220-230

අර්තාපල් – ආනයන 190-200

වැටකුළු 220-250

බණ්ඩක්කා 180-200

පතෝල 230-240

කරවිල 380-400

තුඹකරවිල 370-380

වට්ටක්කා – මැලේෂියන් 40-45

වට්ටක්කා – ලොකු 65-70

බටානා 70-120

වම්බටු 220-230

තිත්බටු 350-380

එළබටු 220-230

දඹල 220-230

මෑකරල් 200-220

මුරුංගා 180-200

අළුකෙසෙල් 60-65

කෙසෙල්මුව 65-70

ඇඹරැල්ලා 65-70

චවුචවු 60-80

දෙහි 300-350

මාළුමිරිස් 470-500

අමුමිරිස් 160-170

නයිමිරිස් 700-800

ඉඟුරු 160-170

පොළොස් 50-60

රතුළූණූ – ආනයන 220-230

රතුළූණූ – ලංකා 190-200

ලොකුළූණූ- ආනයන 155-160

ලොකුළූණූ- ලංකා 160-170.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33