AFC Banner
Empty Ad
Empty Ad

සරාගී නිළි කන්ගනා කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයට දසතින් චෝදනා

Kangana Ranaut කියන්නේ ආන්දෝලනාත්මක චරිත වලින් සිනමා තිරයට එන නිලියක්. ඒ වගේම කාලෙන් කාලයට ඇය ආන්දෝලනාත්මක මත පළ කර සිටිනවා. ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙනවා වගේම චෝදනා ඇය වෙත එල්ල වෙනවා.

ඇය පසුගියදා බරපතල චෝදනාවක් කර ඇති බවත් ඒ ඉන්දියාවට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීම සඳහා නන් අයුරින් දායක වූ සුභාෂ් චන්ද්‍ර බෝස්ට සහ භගට් සිංට මහත්මා ගාන්ධි සහාය පළ නොකළේ යැයි පවසා තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටිනවා . කන්ගනා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළ ඇතැමුන් කියන්නේ කන්ගනා ගාන්ධිතුමන්ගේ අහිංසාවාදී පිළිවෙත විහිළුවකට ගෙන ඇති බවයි. මහත්මා ගාන්ධිව අවස්ථා කිහිපයකදී විවේචනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහන් මාලාවක් තබා ඇති බවත් පෙන්වා දෙමිනුයි .
 
 “ඔබේ වීරයා බුද්ධිමත්ව තෝරාගන්න” යනුවෙන් ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වරක් සටහන් කර තිබුනා. ඉන්දීය නිදහස වෙනුවෙන් සටන් කළ පුද්ගලයන්ව ඉංග්‍රීසින්ට පක්ෂපාතී ඉන්දීය නායකයන්ට පාවා දුන් බවත් පීඩාවට පත් කරන්නන් සමග සටන් කිරීමට ධෛර්යයක් නැතැයිද බලයට ඇති කෑදරකමත් කපටිකමත් ඉන් පිළිබිඹු වන්නේ යැයිද ඈ තවදුරටත් එහි සඳහන් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.
 
 එම පණිවුඩයෙන් ඈ පහර ගසා තිබුණේද මහත්මා ගාන්ධිට බවයි පැවසෙන්නේ. කන්ගනා රනවුට් ඉන්දියාවේ නිදහස සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් පළ කිරීමක් සිදු කරමින් පසුගියදා කියා සිටියේ ඉන්දියාවට නියම නිදහස ලැබුණේ 2014 වසරේදී බවයි. ඈ එමගින් සමාජයට ඒත්තු ගන්වන්නට උත්සාහ ගෙන තිබුණේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා බලයට පැමිණීමෙන් පසුව ඉන්දියාවට නියම නිදහස ලැබුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?