සරාගී නිළි කන්ගනා කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයට දසතින් චෝදනා

Kangana Ranaut කියන්නේ ආන්දෝලනාත්මක චරිත වලින් සිනමා තිරයට එන නිලියක්. ඒ වගේම කාලෙන් කාලයට ඇය ආන්දෝලනාත්මක මත පළ කර සිටිනවා. ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙනවා වගේම චෝදනා ඇය වෙත එල්ල වෙනවා.

ඇය පසුගියදා බරපතල චෝදනාවක් කර ඇති බවත් ඒ ඉන්දියාවට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීම සඳහා නන් අයුරින් දායක වූ සුභාෂ් චන්ද්‍ර බෝස්ට සහ භගට් සිංට මහත්මා ගාන්ධි සහාය පළ නොකළේ යැයි පවසා තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටිනවා . කන්ගනා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළ ඇතැමුන් කියන්නේ කන්ගනා ගාන්ධිතුමන්ගේ අහිංසාවාදී පිළිවෙත විහිළුවකට ගෙන ඇති බවයි. මහත්මා ගාන්ධිව අවස්ථා කිහිපයකදී විවේචනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහන් මාලාවක් තබා ඇති බවත් පෙන්වා දෙමිනුයි .
 
 “ඔබේ වීරයා බුද්ධිමත්ව තෝරාගන්න” යනුවෙන් ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වරක් සටහන් කර තිබුනා. ඉන්දීය නිදහස වෙනුවෙන් සටන් කළ පුද්ගලයන්ව ඉංග්‍රීසින්ට පක්ෂපාතී ඉන්දීය නායකයන්ට පාවා දුන් බවත් පීඩාවට පත් කරන්නන් සමග සටන් කිරීමට ධෛර්යයක් නැතැයිද බලයට ඇති කෑදරකමත් කපටිකමත් ඉන් පිළිබිඹු වන්නේ යැයිද ඈ තවදුරටත් එහි සඳහන් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.
 
 එම පණිවුඩයෙන් ඈ පහර ගසා තිබුණේද මහත්මා ගාන්ධිට බවයි පැවසෙන්නේ. කන්ගනා රනවුට් ඉන්දියාවේ නිදහස සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් පළ කිරීමක් සිදු කරමින් පසුගියදා කියා සිටියේ ඉන්දියාවට නියම නිදහස ලැබුණේ 2014 වසරේදී බවයි. ඈ එමගින් සමාජයට ඒත්තු ගන්වන්නට උත්සාහ ගෙන තිබුණේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා බලයට පැමිණීමෙන් පසුව ඉන්දියාවට නියම නිදහස ලැබුණු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20