අද සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘතයි : සියලුම දෙමව්පියන්ට විශේෂ දැනුම් දීමක්

මෙතෙක් ආරම්භ වී නොමැති හයවන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද සිට ඇරඹෙනවා. එසේම මීට පෙර පළමුවන ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා මෙන්ම 10 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශ්‍රේණි ද ආරම්භ කෙරුණා.

ඒ අනුව අද සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇති.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම පවුලේ යම් අයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගනු ලැබුවොත් හෝ කොවිඩ් ආසාදිතයෙකු පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගනු ලැබුවොත් එම පවුල්වල සිටින දරුවන් පාසැල් වෙත එවීමෙන් වලකින ලෙසද දෙමව්පියන්ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර සිටිනවා.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට ජනවාරි මාසයේදී විසඳුම් නොලැබුණහොත්, යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26
Video thumbnail
නාමල් රැගෙන යද්දි මිනිස්සු වටවෙලා කිව්ව දේ - "හුණ්ඩු කොටා..බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දේකට"
01:43
Video thumbnail
අත්අඩංගුවට ගත් නාමල් සහ ජොන්ස්ටන් කොටුව අධිකරණයට ගෙන ගිය හැටි
01:41
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03