AFC Banner
Empty Ad
Empty Ad

ගොවීන් ට සුබ ආරංචියක්

මහකන්නයේ බෝග වගාවන් සඳහා අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනයට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි.

ඒ මහතා සඳහන් කළේ, ඒ අනුව නිසි ප්‍රමිතයෙන් යුත් ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට අවසර ලබාදෙන බවය.

“මේ මහ කන්නයේ තමයි වැඩියෙන්ම ගොවිතැන් කටයුතුවල නිරත වන්නේ. වී වගාව, විශේෂයෙන්ම බඩඉගුරු වගාව එලවළු වගාව සහ අපේ වැවිලි කර්මාන්තය වන තේ පොල්, රබර් සියල්ල. මේවාගේ නිර්දේශිත උපරිම වගා ප්‍රමාණය ලබා ගෙන ආහාර සුරක්ෂිතබාවය ලබා ගැනීම තමයි අපේ  පළවෙනි පියවර. ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියේ අනුගත වෙලා සිටිනවා. ඇත්ත වශයෙන්ම මොකටද අපි පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයක් සඳහා යොමු වන්න. පරිසර හිතකාමි කියන්නේ විෂදායක නොවන ඉහළ ප්‍රමිතියකින් යුත් නිර්දේශිත ශාක පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් පැළයට ශාක පෝෂණය සහ ආරක්ෂාව යොදමින් ජලය ද වාතය ද ඉතුරු පරිසර පද්ධතියට හානියක් නොවෙමින් කෘෂි කර්මාන්තය රැක ගැනීම. මේ සඳහා අවශ්‍ය කරන නිර්දේශීත නියමිත ප්‍රමාණයන් කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂවරයාගේ සහ කමිටු අධීක්ෂණය යටතේ කුමක් ද අවශ්‍ය කියලා නිගමනය කරලා ඒ ප්‍රමාණ වලින් අපිට රජය විසින් බලතල දීලා තියෙනවා අවශ්‍ය ප්‍රමාණයෙන් මේකට විද්‍යාත්මකව කටයුතු කරන්න කියලා. පොහොර සහ කෘෂි රසායනික වශයෙන් කුමක්ද ගෙන්නන්නේ කියලා රසායනික ඒ ක්‍රියාවලිය පිළිබඳව කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි නිර්දේශ කරන්නේ කමිටුවක් හරහා. විශේෂයෙන්ම අපි අවුරුදු 3-4ක මේවා ගෙන්නලා තියෙනවා ඒ ගෙන්නපු ඒවාගෙන් ඉහළ පරම්පරාවට අයිති නිර්දේශිත ඒවා පමණයි ගෙන්නන්නේ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55
Video thumbnail
රේගුවටත් හොර කරලා රට පටවන්න හදපු තඹ තොගය වටලපු මෙහෙයුම
04:27
Video thumbnail
වසර 05කට පසු පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
40:01
Video thumbnail
ගෙනාපු වාහන ආයමත් අරගෙන ගිය හැටි මෙන්න
02:00
Video thumbnail
බන්දුලගේ බැංකු ගිණුමටත් විදපු බන්දුලගේ මාධ්‍ය ලේකම්
06:44
Video thumbnail
අඩු වූ තෙල් මිල ගැන ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව
20:33

?