රට රැකියාවට යන අයට ජනවාරියෙන් පසු සුබ පණිවිඩයක්

ලබන ජනවාරි මාසයෙන් පසු ශ්‍රමිකයෙකු විදේශ ගතවීමේදී අමෙරිකානු ඩොලර් 15,000 ක රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නීති ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
එම රක්ෂණ ආවරණය සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගන්නා හාම්පුතා විසින් මුදල් ගෙවිය යුතු බවට එම නීති ගෙන එන බවයි ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.