කැලණිතිස්සත් නවතී! බලාගාර 5කටම තෙල් නෑ! කළුවරේ ඉන්න වෙයිද?

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් දැවි තෙල් බලාගාර පහකට අවශ්‍ය ඉන්ධන නොමැතිවීමෙන් ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලු මතුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම තත්ත්වය මත මෙගාවොට් හයසීයකට වැඩි විදුලිබල ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වීමේ අවදානමක් මතුවිය හැකිය. මෙගාවොට් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කළ කැලණිතිස්ස විදුලිබලාගාරය නතර වී ඇත.

එය ක්‍රියාත්මක වූයේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදනයක් වූ ‘නැප්තා’ නමැති ඉන්ධනයෙනි.

විදුලිබල මණ්ඩලයේ විශාලතම දැවි තෙල් බලාගාරය වූ මෙගාවොට් 300ක් නිපදවන කෙරවලපිටිය බලාගාරය, සපුගස්කන්දේ පිහිටි මෙගාවොට් 72 හා 36 වශයෙන් විදුලි බලය නිපදවන බලාගාර දෙක හා කොළඹ වරායේ බත්තලක පිහිටි මෙගාවොට් 60ක දැවි තෙල් බලාගාරවලට මෙලෙස බලපෑම් එල්ල විය හැකි බව වාර්තා වේ. විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් මාසයකට ආසන්න ප්‍රමාණයක් ගබඩාවල පවතින බවයි.

මේ සම්න්ධයෙන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු සුලක්ෂණ ජයවර්ධනගෙන් කළ විමසුමේදී ඔහු පැවසුවේ කැලණිතිස්ස විදුලිබලාගාරය මීට දින කිහිපයක සිට නතර කර ඇතත් අනෙක් බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් ජනවාරි මැද වන තෙක් ප්‍රමාණවත් බවයි. මේ දිනවල විදුලි උත්පාදනය සියයට හැටපහක්ම ජල විදුලියෙන් ලබා ගන්නා අතර සියයට විසි හයක් නොරොච්චෝලෙන් ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?