කොළඹ ගොඩනැගිල්ලේ සිදුවූ පිපිරීමට හේතුව අනාවරණය වෙයි

කොළඹ තුරඟ තරග පිටිය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක පහත මාලයේ හටගත් ගින්න ගෑස් කාන්දුවකින් සිදුවී ඇති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර ගෙන තිබෙනවා.

අද අලුයම 03.00 ට පමණ මෙහි පහත මාලයේ ජාත්‍යන්තර අවන්හලක ගින්නක් හටගත් අතර එය ගෑස් කාන්දුවකින් සිදුවූ බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබුණා.

කෙසේවෙතත් ගින්න හටගත් අවස්ථාවේදී ගොඩනැගිල්ලේ පිපිරීමක් ද සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව තිබු අතර ගින්නෙන් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසුවේ.

අදාළ ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි රථගාලේ රැඳී සිටි තරුණයින් දෙදෙනෙකු එලෙස සුළු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

ඔවුන් දෙදෙනා රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

සසැදි පුවත – කොළඹ-රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිපිරීමක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58
Video thumbnail
අපි පොරවල් නෙවෙයි, අපිට මහා ලොකු දැනුමක් නෑ මේවා ගැන - අපි මැජික් කාරයෝ නෙවෙයි
01:52
Video thumbnail
ත්‍රීරෝද රථ සංගම්වලින් චෝදනා - ත්‍රීවිල් රියදුරන්ට විතරක් ඇයි මෙහෙම කරන්නේ ?
05:12
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල - සිද්ධිය වූ ස්ථානයේ දර්ශන
00:39
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59