මාතර රෝහලේ ළදරු මළසිරුරු ගොඩ ගැසෙයි

අවසන් කටයුතු සිදු කිරීම සදහා රැගෙන නොගිය ළදරු මළ සිරුරු හා කොටස් 150 ක් පමණ මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතාගාරයක් තුළ වසරක පමණ කාලයක් තිස්සේ ගොඩ ගැසී තිබෙන බව රෝහල් ආරංචී මාර්ග සදහන් කරයි.

නොමේරූ ළදරුවන්,අඩු බර දරු උපත්,ගබ්සා සිදු කිරීම් හා උපතේ දී විවිධ හේතුන් මත මිය ගිය බිළිඳු සිරුරු,කලල,දරු ගැබ් හා සැත්කම් මගින් ඉවත් කල අවයව කොටස් එසේ ගොඩ ගැසී තිබෙන බව දැන ගන්නට ඇත.

මේ නිසා එම සිරුරු හා කොටස් තැන්පත් කර තිබෙන ශීතාගාරය වෙනත් මල සිරුරු තැන්පත් කිරීමට නොහැකි තත්වයට පත්ව තිබේ.

තවද අදාල ශීතාගාරය නිසි පරිදි කූල් නොවීම නිසා එම සිරුරු නරක් වී දැඩි දුර්ගන්ධයක් පවතින බවද කියති.

මෘත ශරීරාගාරයේ ශීතාගාර හයක් පවතින අතර එන් දෙකක් පමණක් නිසි පරිදි ක්‍රියාත්මක තත්වයේ පවතින බවද බිලිදු සිරුරු ඇති ශීතාගාරය ඇතුළු හතරක් අලුත්වැඩියා කළ යුතු තත්වයේ පවතින බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

වෙනත් ප්‍රධාන රෝහල්වල මේ ආකාරයට ගොඩ ගැසෙන සිරුරු හා කොටස් මාස කිහිපයකට පසු ටෙන්ඩර් පටිපාටියකට අනුව මල් ශාලාවක් විසින් ලබා ගෙන ඒවායෙහි අවසන් කටයුතු සිදු කරන බව දැන ගන්නට තිබේ.

එහෙත් මාතර මහ රෝහලේ වසරක පමණ කාලයක් නියමිත පරිදි එම අවසන් කටයුතු සිදු නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇත.

තවද මෘත ශරීරාගාරය තුළ වු වාතය පිටතට යවන විදුලි පංකාව ගර්භනී මව්වරුන්ගේ වාට්ටු සංකීර්ණය දෙසට වන්නට සවි කර තිබීම නිසා සෞඛ්‍යාරක්ෂාවට ද තර්ජනයක් වී තිබෙන බව ඔවුන් සදහන් කරති.

මේ පිළිබඳව මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මල්කාන්ති මැදිවක මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාල සිරුරු ගොඩ ගැසී ඇති බව තමන් වෙත මේ දක්වා දැනුම්දී නොමැති බවත් ඒ පිළිබඳව කඩිනමින් සොයා බලා ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58
Video thumbnail
අපි පොරවල් නෙවෙයි, අපිට මහා ලොකු දැනුමක් නෑ මේවා ගැන - අපි මැජික් කාරයෝ නෙවෙයි
01:52
Video thumbnail
ත්‍රීරෝද රථ සංගම්වලින් චෝදනා - ත්‍රීවිල් රියදුරන්ට විතරක් ඇයි මෙහෙම කරන්නේ ?
05:12
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල - සිද්ධිය වූ ස්ථානයේ දර්ශන
00:39
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59