බොරතෙල් ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

බොර තෙල් රැගත් නෞකා 2ක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ අනුව බොරතෙල් රැගත් පළමු නෞකාව දෙසැම්බර් 10 වන දින මෙරටට ළගාවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

අනෙකුත් නෞකාව දෙසැම්බර් මස අවසානයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ජනවාරි මාසයේදීද තවත් නෞකාවක් බොරතෙල් රැගෙන දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.