ප්‍රවීණ නළු කමල් අද්දරාරච්චිගෙන් කාරුණික ආයාචනයක්

මෙරට ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරාරච්චි විසින් සිය සහෘද ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

සිය මුහුණුපොත හරහා සටහනක් තබමින් ඔහු කියා ඇත්තේ, තම නිවසේ සුරතලට ඇති කරන සුනඛ සුරතලා අතුරුදන් වී ඇති බවයි.

මෙම සත්ත්වයා ඊයේ (17) සවස තුනට පමණ සිය නිවස පිහිටා ඇති පිටකෝට්ටේ – බැද්දගාන ප්‍රදේශයෙන් නිදැල්ලේ පිටව ගොස් ඇති අතර, ඉන්පසු තම සුරතල් සුනඛයා යළි නිවසට නොආ බව ද හෙතෙම තැබූ සටහනේ ඇතුළත්.

තමන් මෙන්ම පවුලේ පිරිස ද එම සත්ත්වයාට ආමන්ත්‍රණය කරනුයේ, ‘ටෙරී’ යන නමින් වන අතර, මෙම සුරතල් සුනඛයා ඉතාමත් හීලෑ වූ, කා සමග වුවත් මිත්‍රශීලී වන, හොඳින් වැඩුණු ලා දුඹුරු පැහැති සමක් සහිත ලැබ්‍රොඩෝර් වර්ගයේ සත්ත්වයෙකු ද බව හෙතෙම පවසනවා.

මේ වනවිට වයස අවුරුදු 4ක් පමණ වන මෙම සත්ත්වයාව සුරතලයට හදාවඩාගන්නා හෙයින් කිසිදිනෙක කූඩු කර ඇති නොකරන බවයි ඔහු ඉතාමත් සංවේදීව කියා සිටින්නේ.

තම සුරතලා මේ වනවිටත් කවුරුන් හෝ සන්තකයේ රඳවා ගෙන ඇත්නම්, මෙම ප්‍රවීණ රංගන ශිල්පියා විසින් ඔහුගෙන් හෝ ඇයගෙන් කාරුණික ඉල්ලීමක් ද සිය සුරතලා වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

‘ටෙරී’ නමැති තම සුරතලාව කිසිදිනෙක කූඩු කර හදාවඩා නොගන්නා ලෙසත්, නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔහුගේ කාරුණික ඉල්ලීමයි.

කෙසේවෙතත්, තම සුරතල් සුනඛයා ගැන යම්කිසි තොරතුරක් වේ නම්, හැකි ඉක්මනින් තමා වෙත දුරකතන ඇමතුමක් ලබාදීමට කාරුණික වන ලෙසයි ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරාරච්චි සිය මුහුණුපොත හරහා තැබූ සංවේදී සටහනේ සඳහන් කර ඇත්තේ.

තම ‘ ටෙරී’ ගැන යම් තොරතුරක් වෙතොත්, 0767765614 යන දුරකතන අංකය වෙත අමතා දැනුම්දෙන ලෙස ද හෙතෙම කාරුණිකව ආයාචනය කර සිටිනවා

  1. මෙච්චර ළමයි orphanage වල දුක් වින්දිත්දී බල්ලන් බළලුන් ට සුර සැප දෙන්නේ කෙසේද ? මේ ඔල්මාද පිස්සන් මනුෂ්‍යන්ට දයාව දක්වන්න ඉගෙන ගන්නේ කවදාද ?

  2. රටට වීරයෙක් වෙන්න හැදුවට කර්මය තමුසෙට පලිසන් දෙනවා. දැන් බයිලා කියවනවා . රමණි බතොලමුස් ගේ මිනීමැරුමට තමුසෙට පලිසන් දෙනවා . සමාජයේ වීරයෙක් වෙන්න දැන්ගලුවාට අහිංසක ජිවිත යක් නැති කරපු තමුසෙට තමුසෙගෙ හිතෙන් ගැලවීමක් නැ . කන්නාඩිය ඉදිරියට ගිහින් රමණි බතොලමුස් ගේ මිනීමරුවා කවුද කියලා තමාගෙන්ම අහන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11