AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර ඇති බවටයි.

මීට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනයට ලක් කර ඇත.

ජනමාධ්‍ය අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශවලද ආයතිනක හා නෛතික රාමුවද ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සංශෝධනයට ලක් කර තිබේ.

image d2315a680a
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?