AFC Banner
Empty Ad
Empty Ad

විනාඩි 5න් ලයිසන් දෙන තැනක් කොම්පඤ්ඤවීදියේ

රියැදුරු පුහුණුව නොමැති පුද්ගලයන්ට පවා රුපියල් දොළොස් දහසක් ගෙවා විනාඩි පහක් තුළ රියැදුරු බලපත්‍ර ලබාදුන් කොම්පඤ්ඤවීදියේ රියැදුරු බලපත්‍ර ව්‍යාජව මුද්‍රණය කරන ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇත.

මෙහිදී ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සමග ව්‍යාජව මුද්‍රණය කළ රියැදුරු බලපත්‍ර 27 ක් හා ඒවා මුද්‍රණයට යොදාගත් උපාංගද අත්අඩංගුවට ගෙන ඇත. කාලය ඉකුත්වී නැවත මුද්‍රණයට ලබාදුන් රියැදුරු බලපත්‍ර 41 ක්ද මෙහිදී සොයාගෙන ඇත.

ජාවාරම්කරුවන් විසින් රියැදුරු බලපත්‍රයේ ඇති චිපය පවා මෙහිදී නියම රියැදුරු බලපත්‍රයක සේ මුද්‍රණය කර ඇත. මෙම බලපත්‍ර සඳහා අවශ්‍ය විශේෂ ස්ටිකර් පවා චීනයෙන් ගෙන්වා ගෙන ඇතැයි හෙළිවී තිබේ.

රියැදුරු පුහුණුව නොමැති පුද්ගලයන් හා වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි පුද්ගලයන්ට පවා කාලයක් තිස්සේ මෙම ස්ථානයෙන් රියැදුරු බලපත්‍ර නිකුත් කර ඇතැයි හෙළිවී ඇත.

බ්‍රෝකර්වරුන් මාර්ගයෙන් පැමිණෙන පුද්ගලයන්ට විනාඩි පහෙන් රියැදුරු බලපත්‍ර ලබාදෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55
Video thumbnail
රේගුවටත් හොර කරලා රට පටවන්න හදපු තඹ තොගය වටලපු මෙහෙයුම
04:27

?