රු.20ට මිනී මරපු තුන්දෙනාට

විසිනව හැවිරිදි තරුණයකු කඩු කිණිසිවලින් කපා කොටා ඝාතනය කිරීමේ සහ තවත් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා එල්ල වී සිටි තිදෙනකුට කොළඹ මහාධිකරණය දී තිබූ මරණ දඬුවම සහ සිර දඬුවම් අභියාචනාධිකරණය ඊයේ (17 වැනිදා) තහවුරු කරන ලදී.

ලක්මාල් ප්‍රදීප් ප්‍රේමචන්ද්‍ර, සුමිත් ශ්‍රී ලාල් සහ සුදත් කුමාර මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් තිදෙනාය.

රුපියල් 20 ක මුදලක් මුල්කරගෙන දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 1998 නොවැම්බර් 2 වැනිදා පන්නිපිටිය ප්‍රදේශයේදී මිනීමැරුම සිදුවී ඇත. සුසන්ත පෙරේරා මියගිය තැනැත්තාය. ඔහුගේ සමීප ඥාතීන් තිදෙනකුටද බරපතළ තුවල සිදුවී ඇත.

නීතිපතිවරයා විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

නඩුව විභාග කළ මහාධිකරණය විත්තිකරුවන් තිදෙනෙක් නිදහස් කොට ඉහත නම් සඳහන් විත්තිකරුවන් තිදෙනාට මරණ දඬුවම සහ බරපතළ සිර දඬුවම් නියම කරන ලදී.

අභියාචනාධිකරණය එම දඬුවම් තහවුරු කිරීමට තීරණය කළේ ඒ විත්තිකරුවන් තිදෙනා වෙන වෙනම ගොනුකර කර තිබූ ඇපෑල් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරවය.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන නලීන් ලද්දුවහෙට්ටි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් නීතිපති වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37