AFC Banner
Empty Ad
Empty Ad

ලාංකිකයින් ගැන සමීක්ෂණයකින් හෙළි වූ දේ

රට හැර යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව පසුගිය වසර 5ට සාපේක්ෂව වැඩි වී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

විශේෂයින් තරුණයින් සහ රජය පිළිබඳ අතෘප්තිමත් ඡන්දදායකයින් එලෙස සංක්‍රමණය වීමට අපේක්ෂා කරන පිරිස අතර වැඩි සංඛ්‍යාවක් සිටින බව The Sri Lanka Opinion Tracker Survey (SLOTS) නමැති එම සමීක්ෂණය පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ස්වාධීන සෞඛ්‍ය සහ සමාජ ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

SLOTS දත්ත පෙන්වා දෙන පරිදි ශ්‍රී ලාංකිකයින්ගෙන් 27% දෙනෙකු ඔවුන්ට අවස්ථාවක් ඇත්නම් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත පළ කර ඇති අතර එම පිරිස අතර තරුණ සහ උගත් පිරිස වැඩි සංඛ්‍යාවක් සිටියි.

විදේශගත වීමට කැමති පිරිස අතර 4 දෙනෙකුගෙන් 1 අයෙකුට ඒ සඳහා සැලසුම් ඇති අතර ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකුගෙන් 1 අයෙකුට ඒ සඳහා සැලසුම් ඇති බව ද එම සමීක්ෂණය මගින් අනාවරණය වී ඇත.

තරුණයින් වැඩි පිරිසක් රට හැර යාමට උත්සහ දරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය තහවුරු කරන බව ත් එය රජය කෙරෙහි ඡන්ද දායකයින්ගේ ඇති කලකිරීම හේතුවෙන් සිදු වන බව ත් SLOTS සිය සමීක්ෂණය මගින් සනාථ කර තිබේ.

මෙම අතෘප්තිමත්භාවයට තවත් හේතු ලෙස ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව ඇති අශුභවාදී දැක්ම සහ ”කොරෝනාවෛරසය සමග ජීවත් වීම” වෙනුවට එය වඩාත් ශක්තිමත්ව පාලනය නොකිරීම පිළිබඳව ඇති අතෘප්තිමත්භාවය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?