AFC Banner
Empty Ad
Empty Ad

සැකකරු මියගිය පසුපොලිසිය වට කළ පනාමුර වැසියන්ගෙන් විනිසුරුටත් විරෝධය

පනාමුර පොලිස් සිර මැදිරියේදී සැකකරුවකු මියයෑම හේතුවෙන් උරණ වූ පනාමුර වැලිපතයාය ඇතුළු ප්‍රදේශවල ජනතාව ඊයේ (17 වැනිදා) පෙරවරුවේ පනාමුර පොලිසිය වට කරමින් විරෝධතාවක නිරත වූහ. මෙසේ මියගොස් ඇත්තේ පනාමුර වැලිපතයාය පදිංචි 38 හැවිරිදි කරලහින්ගේ ඉන්දික ජයරත්න යන අයයි. ඔහු තිදරු පියෙකි.

බිරිඳ පනාමුර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය පෙරේදා (16 වැනිදා) රාත්‍රී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පසුව 18 වැනිදා අලුයම සැකකරු තම කමිසයෙන් සිර මැදිරියේ දී ගෙල වැලලාගෙන මියගොස් සිටි බව පොලිසිය පවසයි. ගෙල වැලලාගත් බව කියන අවස්ථාවේ පොලිසිය සැකකරු ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙන ගියද ඒ වන විටත් සැකකරු මියගොස් සිටි බව පැවසේ.

මෙම සැකකරු මිය ගියේ ගෙල වැලලාගෙන නොව පොලිසිය පහරදීමෙන් යැයි පවසමින් මියගිය අයගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊයේ 18 වැනිදා පෙරවරුවේදී පනාමුර නගරයට එක්ව ඇඹිලිපිටිය කොළොන්න මාර්ගය අවහිර කරමින් පොලිසියට විරුද්ධව මෙසේ විරෝධතාවයේ යෙදෙන්නට වූහ.

විරෝධතාකරුවන් ලී කොට යොදා මාර්ගය අවහිර කරමින් ටයර් පුලුස්සා විරෝධතාව දක්වන ලදී. ඒ අනුව ඇඹිලිපිටිය කොළොන්න සූරියකන්ද, මිද්දෙණිය සහ දොරපනේ යන මාර්ගවල ගමනාගමනයට ඊයේ දවස පුරාම බාධා ඇති විය.

පසුව මෙම ස්ථානයට ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් පැමිණ අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන බවත් ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයාගේ මැදිහත්වීමෙන් තවත් පරීක්ෂණයක් පවත් වන බවටත් පොරොන්දු විය.

එහෙත් විරෝධය අත් නොහල අතර පොලිසිය ඉදිරිපිටින් ඉවත්වී නැවත පනාමුර නගරයට පැමිණ කළු කොඩි ඔසවා රතිඤ්ඤා පත්තු කරමින් විරෝධතාව දක්වන්නට වූහ.

ඉන් අනතුරුව මෙම සිද්ධිය පරීක්ෂණයට පැමිණි ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත්‍රාත්වරිය පොලිස් භූමියෙන් පිටවන්නට මෝටර් රථය වෙත යද්දී විරෝධතාකරුවන් අතරින් වැලි සහ වතුර පිරවූ බෝතල් ප්‍රහාරයක් ඒ දෙසට එල්ල විය. එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් එම ප්‍රහාරයට ලක්විය.

අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම ස්ථානයෙන් නික්ම ගියද විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටිනු දක්නට හැකිවිය.

මෙම සිදුවීම් වාර්තා කිරීමට ගිය සියලු මාධ්‍යවේදීන් සඳහාද විරෝධතාකරුවන් ගල් පහරවල් එල්ල කරන ලදී. ඒ සරත් වී‍රසේකර ඇමැතිවරයා ‍ මියගිය අය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්වලට විරෝධය පාමිනි. කිහිප අවස්ථාවකම මාධ්‍යවේදීන්ට පහර දීමට ඇතැම් විරෝධතාකරුවන් උත්සාහ ගන්නා ලදී. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටත් කර හරින්නට යෙදුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?