සැකකරු මියගිය පසුපොලිසිය වට කළ පනාමුර වැසියන්ගෙන් විනිසුරුටත් විරෝධය

පනාමුර පොලිස් සිර මැදිරියේදී සැකකරුවකු මියයෑම හේතුවෙන් උරණ වූ පනාමුර වැලිපතයාය ඇතුළු ප්‍රදේශවල ජනතාව ඊයේ (17 වැනිදා) පෙරවරුවේ පනාමුර පොලිසිය වට කරමින් විරෝධතාවක නිරත වූහ. මෙසේ මියගොස් ඇත්තේ පනාමුර වැලිපතයාය පදිංචි 38 හැවිරිදි කරලහින්ගේ ඉන්දික ජයරත්න යන අයයි. ඔහු තිදරු පියෙකි.

බිරිඳ පනාමුර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය පෙරේදා (16 වැනිදා) රාත්‍රී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පසුව 18 වැනිදා අලුයම සැකකරු තම කමිසයෙන් සිර මැදිරියේ දී ගෙල වැලලාගෙන මියගොස් සිටි බව පොලිසිය පවසයි. ගෙල වැලලාගත් බව කියන අවස්ථාවේ පොලිසිය සැකකරු ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙන ගියද ඒ වන විටත් සැකකරු මියගොස් සිටි බව පැවසේ.

මෙම සැකකරු මිය ගියේ ගෙල වැලලාගෙන නොව පොලිසිය පහරදීමෙන් යැයි පවසමින් මියගිය අයගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊයේ 18 වැනිදා පෙරවරුවේදී පනාමුර නගරයට එක්ව ඇඹිලිපිටිය කොළොන්න මාර්ගය අවහිර කරමින් පොලිසියට විරුද්ධව මෙසේ විරෝධතාවයේ යෙදෙන්නට වූහ.

විරෝධතාකරුවන් ලී කොට යොදා මාර්ගය අවහිර කරමින් ටයර් පුලුස්සා විරෝධතාව දක්වන ලදී. ඒ අනුව ඇඹිලිපිටිය කොළොන්න සූරියකන්ද, මිද්දෙණිය සහ දොරපනේ යන මාර්ගවල ගමනාගමනයට ඊයේ දවස පුරාම බාධා ඇති විය.

පසුව මෙම ස්ථානයට ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් පැමිණ අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන බවත් ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයාගේ මැදිහත්වීමෙන් තවත් පරීක්ෂණයක් පවත් වන බවටත් පොරොන්දු විය.

එහෙත් විරෝධය අත් නොහල අතර පොලිසිය ඉදිරිපිටින් ඉවත්වී නැවත පනාමුර නගරයට පැමිණ කළු කොඩි ඔසවා රතිඤ්ඤා පත්තු කරමින් විරෝධතාව දක්වන්නට වූහ.

ඉන් අනතුරුව මෙම සිද්ධිය පරීක්ෂණයට පැමිණි ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත්‍රාත්වරිය පොලිස් භූමියෙන් පිටවන්නට මෝටර් රථය වෙත යද්දී විරෝධතාකරුවන් අතරින් වැලි සහ වතුර පිරවූ බෝතල් ප්‍රහාරයක් ඒ දෙසට එල්ල විය. එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් එම ප්‍රහාරයට ලක්විය.

අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම ස්ථානයෙන් නික්ම ගියද විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටිනු දක්නට හැකිවිය.

මෙම සිදුවීම් වාර්තා කිරීමට ගිය සියලු මාධ්‍යවේදීන් සඳහාද විරෝධතාකරුවන් ගල් පහරවල් එල්ල කරන ලදී. ඒ සරත් වී‍රසේකර ඇමැතිවරයා ‍ මියගිය අය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්වලට විරෝධය පාමිනි. කිහිප අවස්ථාවකම මාධ්‍යවේදීන්ට පහර දීමට ඇතැම් විරෝධතාකරුවන් උත්සාහ ගන්නා ලදී. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටත් කර හරින්නට යෙදුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42