කවුරුත් බලා සිටි සුවකල නොහැකි රෝගයකට ප්‍රතිකාර සොයා ගනී

මිනිස් ප්‍රතිශක්තීකරණ පද්ධතියට බලපෑම් කරන එච්.අයි.වී වෛරසය අසාදනය වී කිසිම ප්‍රතිකාරයකින් තොරව පූර්ණ සුවය ලැබූ ලොව දෙවන කාන්තාව හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආජන්ටිනාවේ ජීවත්වන අනන්‍යතාව හෙලි නොකළ මෙම කාන්තාව 2013 වර්ෂයේදී එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට මුල් වරට හඳුනාගෙන් තිබේ.

පසුව 2017 වර්ෂයේ සිට ජාත්‍යන්තර පර්යේෂකයින් පිරිසක් විසින් ඇයව අඛණ්ඩව පරීක්ෂා කරමින් ඇයගේ ශරීරය තුල වෛරසය පවතින්නේ දැය අධ්‍යනය කර ඇත.

ඇය 2020 වර්ෂයේදී ඇය දරුවකු බිහි කර ඇති අතර දරුවාගේ කළ පරීක්ෂණයේදී මවගෙන් දරුවාට වෛරසය ආසාදනය වී නොමැති බවටද අනාවරණය වී තිබේ.

ඒ අනුව ඇගේ ශරීරය තවත් පුළුල් වශයෙන් අධ්‍යනය කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ ශරීරය තුල වෛරසය නොමැති බවයි.

වර්ථමාන ප්‍රතිකර අනුව වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට එය පාලනය කිරීමට ඖෂධ ලබා ගැනීමෙන් හැකියාව ලැබෙන අතර ඒ සඳහා නිරන්තරයෙන් එම ඖෂධ ලබාගැනීමට සිදුවේ.

කෙසේ වෙතත් ලොව දැනට ලොව පුද්ගලයින් සිව්දෙනෙකු එච්.අයි.වී. වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලබා තිබෙන බව වාර්තා වී ඇත.

සුවය ලැබූවන් සිව්දෙනාගෙන් බර්ලින් රෝගියා සහ ලන්ඩන් රෝගියාට ඇට මිදුලු බද්ධ කිරීමක් මගින් සාර්ථකව වෛරසය පරාජය කිරීමට හැකියාව ලැබී ඇත.

මෙම ප්‍රතිකාර ක්‍රමය සංකීර්ණ බවත් එම බද්ධ කිරීම් තවත් ආසාදිතයින්ට සිදු කිරීමට උත්සහ කලද එය සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇති බවද විද්‍යාඥයින් පෙන්වාදෙයි.

ඒ අනුව මෙම අජන්ටිනාවේ කාන්තාවට අමතරව මේවන විට ස්භාවිකව මෙම වෛරසය පාරාජය කළ අනෙක් රෝගියා වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ රෝගියා නමින් හඳුන්වන ආසාදිත කාන්තාවකි. ඇය එලෙස එච්. අයි.වී වෛරසය පරාජය කළ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වේ.

මෙම තත්ත්වයත් සමඟ ඉදිරියේදී එච්.අයි.වී වෛරසය සාර්ථකව සුව කිරීමට මෙම කාන්තාවගෙන් ලබාගෙත් දත්ත විශාල දායකත්වයක් වනු ඇති බවට විද්‍යාඥයින් පෙන්වාදෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59