විශ්‍රාම වයස වෙනස් කිරීමෙන් EPF එකට වෙන දේ මෙන්න

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණි.

එම තීරණය සමග ම සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ විවිධ මත ඇති වී තිබේ.

විශ්‍රාම යාමේ අවම වයස් සීමාව වෙනස් වුවද සේවක අර්ථසාධක අරමුදල් පනත ට කිසිදු වෙනසක් සිදුකර නොමැති බව කම්කරු කොමසාරිස් ජනරාල්, නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

යම්කිසි පුද්ගලයෙක් අවුරුදු 55න් විශ්‍රාම ගන්නේ ද එම පුද්ගලයා ට රැකියාවෙන් ඉවත් වු අවස්ථාවේ දී සේවක අර්ථසාධක අරමුදල ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“EPF පනතේ තියෙන්නේ, පිරිමි කෙනෙකු ට වයස 55ක් හා කාන්තාවකට වයස 50ක් කියලා. ඒ වයසේ දී ගන්න පුළුවන් සේවයෙන් අයින්වෙලා. EPF පනතට අපි එක දශමයක්වත් අත තිබ්බේ නෑ. ඒක එහෙම ම තියෙනවා. ඔයාට 55න් ගන්න පුළුවන් වෙන්නේ 55න් අයින් වෙනවා නම්. 56න් අයින් වෙනවා නම් ඔයාට ගන්න වෙන්නේ 56 දී. නමුත් යම්කිසි කෙනෙක් 55න් EPF එක අරන් අයින් වෙනවා. ඊට පස්සේ ආයතනය කැමති නම් ඔයාව නැවත කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්න නව අංකයකින් ඔයාව බඳවා ගත්ත ට ප්‍රශ්නයක් නෑ. නව අංකයින් වසර 5ක් ඉන්න පුළුවන්. අයින් වෙන වෙලාවට තමා EPF එක ගන්න පුළුවන්. මේක අලුතින් ගෙනාපු එකක් නෙමෙයි.”යනුවෙන් මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් ඔහු පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37