අද රැළියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්

සමගි ජන බලවේගය මගින් අද (16 වැනිදා) පැවැත්වීමට නියමිත ‘ජනබලය කොළඹට’ විරෝධතා පාගමනට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ස්ථාන රැසක්, අධිකරණය වෙත ඊයේ (15 වැනිදා) දැනුම් දී තිබෙනවා.

අදාළ වි​රෝධතා රැලියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ යම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක කිරිමැටිදෙනිය විදානලාගේ සමන්ත දිලුක් දිල්ෂාන් කුරුඳුවත්ත පොලිසිය වෙත ඉකුත් 09 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන කොවිඩ් මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගය අද විරෝධා රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය වළක්වාලන ලෙස ඉල්ලමින් පොලිස් ස්ථාන රැසක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ රැසකින් ඉල්ලීම් කර තිබිණි.

එම ඉල්ලීම් ඉදිරිපත් කරමින් පොලිසිය, විරෝධතා පා ගමනට එල්ල විය හැකි බව කියන ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් පවත්වන බවද අධිකරණය වෙත දන්වා සිටියේය.

ඒ පිළිබඳව බොරැල්ල පොලිසිය, කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් පී.ඩී. පෙරේරා වෙත කරුණු ඉදිරිපත් කළ අවස්ථාවකදී ජනාධිපති නීතිඥ ගුණරත්න වන්නිනායක මෙසේ පැවැසීය.

‘‘පාස්කු ප්‍රහාරය එල්ල වනතුරු නිහඬව සිටි පොලිසිය අද ඇවිත් කියනවා මෙම විරෝධතා රැලියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකියි කියලා’’
මෙහිදී පොලිසිය පැවැසුවේ,

‘‘මෙම උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කුරුඳුවත්ත පොලිසිය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියායි. එම පැමිණිල්ල අනුව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළා’’ යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වහාම ජාතික වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න
06:31
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:46
Video thumbnail
බලශක්ති ඇමතිව ඉවත් කරන්න සූදානම්..?
06:24
Video thumbnail
කුරුණෑගල තොග වෙළඳ මධ්‍යස්ථානය බලන්න ඇමති වසන්ත යයි
03:24
Video thumbnail
අලි සබ්රි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:33
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27