“ජනතාවගේ සෞඛ්‍ය අවධානයේ හෙලන්න එපා” – උපුල් රෝහණ

කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවීමට කටයුතු නොකරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.

සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කීපයක් කොළඹට සෙනඟ කැඳවා උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා කර ඇති බව පැවසූ රෝහණ මහතා ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව උද්ඝෝෂණ පැවැත්වීම  සෞඛ්‍ය අංශ විදියට ගැටළුවක් නැති වුවත් එවැනි ක්‍රියාකාරකම්වල මේ අවස්ථාවේදී නියැලීමෙන් සෞඛ්‍යමය වශයෙන් ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නා.

මේ අවස්ථාවේදී සෞඛ්‍ය නීතිවලට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් බවද හෙතෙම සඳහන් කළා.

රටේ කොවිඩ් රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බවත් මේ තත්වය නිසා සියලුදෙනා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37
Video thumbnail
දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
00:46
Video thumbnail
ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි හා බැනර් ප්‍රදර්ශනය කර ඇති අයුරු
00:32
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට
01:07
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට - පවුලේ අය සංවේදී වී හඬා වැටෙයි
01:30
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50