AFC Banner
Empty Ad
Empty Ad

වැටුප් ගැටළුවක් නිසා පාරට බැස්ස වතු කම්කරුවෝ

වැටුප් ගැටළුවක් මූලික කරගනිමින් මොනරාගල කුමාරවත්තට අයත් වතු කොටස් අටකට අයත් වතු කම්කරුවන් අද (15) මොනරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මදුරුකැටිය වෙල්ලච්චිකඩේ මංසන්ධියට පැමිණ විරොධතාවයේ නියැලුනි.
මෙම වතු කම්කරුවන්හට නොවැම්බර් මස දින ගෙවීමට ඇති වැටුපෙන් අඩක් ලබා නොදීම සහ 2021 අප්‍රේල් මස ලැබීමට තිබූ අවුරුදු බෝනස් මුදල නොගෙවීම සම්බන්ධව අදාල බලධාරීන්ට චෝදනා කරමින් කළු කොඩි අතතිව සටන්පාඨ කියමින් මොනරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මදුරුකැටිය වෙල්ලච්චිකඩේ මංසන්ධියට පැමිණ පැය දෙකකට වැඩි කාලයක් විරොධතාවයේ නියැලුනි….

මෙම ස්ථානයට මොනරාගල කුමාරවත්ත වතු අධිකාරී අසංක ප්‍රියසූරිය මහත්මා පැමිනි අතර ඔහු මෙම වැටුප් ගැටලුව සමතයකට පත්කිරීමට කටයුතු කරනබව කම්කරුවන්ට ප්‍රකාශකර සිටියද ඔවුන් වතු අධිකාරිවරයටද තම වැටුප් ගැටලුව සම්බන්ධව කඩිනම් විසදුම් අවශ්‍ය බව පවසමින් ඔහුටද විරොධතාවය පල කලහ මේ පිළිබධව අප මොනරාගල කුමාරවත්ත වතු අධිකාරී අසංක ප්‍රියසූරිය මහත්මාගෙන් විමසීමක් කල අවස්ථාවේ එහු ප්‍රකාශකර සිටියේ මෙම ගැටළුව කඩිනමින් විසදීම සදහා තමන් උපරීම මැදිහත්වීමෙන් කටයුතු කරන බවයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?