AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සිසුවියකට ජීවිතය අහිමි කළ බිහිසුණු රිය අනතුරේ ඇඟ කිළිපොලා යන CCTV දර්ශන එළියට

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ අද(15) උදෑසන සිදුවූ අනතුරකින් පදික මාරුව හරහා ගමන්කරමින් සිටි සිසුවියක් ජීවිතක්ෂය ට පත්ව තිබේ. 

එම අනතුරින් තවත් සිසුවියක් හා සිසුවෙක් ද තුවාල ලබා රෝහල් ගතකළ බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
පාසල් දරුවන් පදික මාරුව හරහා ගමන් කරනවාත් සමඟ ලොරි රථ දෙකක් ඔවුන්ට ඉඩ දී සිටී. 

අධික වේගයෙන් පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් ලොරිරථයක ගැටී එම ලොරිරථය ඉදිරියෙන් තිබු අනෙක් ලොරි රථයක ගැටී ඉදිරියට ඇදී යෑමෙන් අනතුර සිදුව තිබෙනවා. 

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරුවාසගම් මධූසාලිනී නැමති 17 හැවිරිදි කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ අංශයේ සිසුවියක්. 

තුවාල ලැබු අනෙක් සිසුවියගේ හා සිසුවාගේ තත්ත්වය තරමක් බරපතළ බවත් ඔවුන් කිලිනොච්චිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසනවා. 

ලංගම බස්රථය වවුනියාවේ සිට යාපනය දක්වා අධික වේගයෙන් ගමන්කර ඇති බවත්, රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවත් පොලීසිය සඳහන් කරනවා. 

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?