දින 10-15කදී ඇතිවෙන තත්ත්වය වෙනස් කරන්න දැන්ම සිතට ගන්න – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ජනතාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපදින්නේ නම් තව දින 10කින් කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් ඇතිවීමේ අවදානමක් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද පැවැති අතර ඊට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ.

“නව රැල්ලක ආරම්භයක් කියලා කියන්න බැහැ. නමුත් ඒක වෙන්න බැරි කමක් නැහැ කියලා අපිට ඕනෑම මොහොතක කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි. මේ මොහොතේ අපි දකින මේ රෝගීන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීම. දින කිහිපයකට අපේ හැසිරීම් රටාවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ආකාරයට රෝගීන් වාර්තා වෙන්නේ.

වාර්තාවෙන රෝගීන් සංඛ්‍යාව සෑමවිටම අපේ හැසීරීම් රටාවේ ප්‍රතිඵලයක් හැටියට තීරණය වෙන්නේ තවත් දවස් කිහිපයකට පස්සේ, එහෙම නැත්නම් තවත් දවස් 10කට 15කට පස්සේ. ඒ නිසා අපිට මේ මොහොතේ වැඩිවෙනදේත්, ඒ වාගේම ඉදිරිය ගැනත් කතා කළහොත් අපිට මේ අපේ රෝගීන් මතුවන අද දිනයේ හෝ හෙට දිනයේ රෝගීන් හමුවීම දැන් පාලනය කරන්න බැහැ. ඒ මොකද මීට කලින් වුණ දේවල් නිසා.

නමුත් අපි අද හිතා ගතහොත් ඉදිරි දින 10 තුළ, තව දින 10කින් 15කින් රෝගීන් වාර්තා වීම අපට වළක්වන්න පුළුවන්. ඒ සඳහා අප කළයුතු එකම දේ සෞඛ්‍ය පුරුදු නිසි පරිදි ආරක්ෂා කර ගනිමින් සෑම කටයුතුත්තක්ම කරන්න. නිසිලෙස මුඛ ආවරණ පළඳමින් සෞඛ්‍ය පුරුදු, පිළිවෙත් පිළිපදිමින් කටයුතු කරන්න. එසේ නොකළහොත් තවත් දින 10කින් මීට වඩා රෝගීන් සංඛ්‍යාවක් අපට දකින්න ඉඩ තියෙවි.” වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි සබ්රි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:33
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27
Video thumbnail
ලියුමක් නිසා අර්ජුනට රතු කට්ට පනියි..හතරබීරි ලියුම දක්කම සංස්කෘත, අපබ්‍රංශ මතක් වෙන්නේ
02:35
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11