මා, මහින්ද රාජපක්ෂ ඉදිරියේ දෙකට නැමුණේ නැත

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අයවැයෙන් පසුව පැවැති තේ පැන් සංග්‍රහයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කථා කරන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

ඒ පිළිබඳව මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.

‘මා, මහින්ද රාජපක්ෂ ඉදිරියේ දෙකට නැමුණේ නැත.

හර්ෂට කොන්දක් නැද්ද? ඇයි මහින්ද රාජපක්ෂ ඉස්සරහට දෙකට නැමුණේ? එළියේ පොර ටෝක්දීල ඇතුළේ දෙකට නැමෙනවා.

පාර්ලිමේන්තුවේදී මා අගමැති මහින්ද රාජපක්ෂ සමග කතා කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඉලක්ක කරගනිමින් සමහරුන් මට එවැනි චෝදනාවක් කරනවා.

මගේ දේශපාලන භාවිතාවය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කිරීමට මෙම සේයාරුව කදිම උදාහරණයක් නිසා මා මෙම සටහන තබමි. බොහෝ දේශපාලනඥයින් සමග මාගේ පුද්ගලික තරහක් නැත. ඔවුන් මුණ ගැසුණු විට සුහදව කතා කිරීම මාගේ සිරිතයි. නමුත්, ප්‍රතිපත්තිමය වශයෙන් මා දරණ ස්ථාවරය මා සෑමවිටම ප්‍රකාශ කිරීමට පැකිලෙන්නේ නැත. දේශපාලනය යනු විරුද්ධවාදීන් සමග වෛරයෙන් කටයුතු කිරීම යැයි යමෙකු සිතනවා නම් එවැනි රටකට අනාගතයක් නැත.

එහා ගෙදර මිනිහා කුමන දේශපාලන මතයක් දැරුවද ඔහු සමග සුහදව සිටිය හැකි දේශපාලන සංස්කෘතියක් රටේම ගොඩ නැගිය යුතුය.

නමුත්, ප්‍රතිපත්තිමය වශයෙන් තමන් දරණ අදහස ජයග්‍රහණය කරවීමේ අයිතිය සෑම කෙනෙකුටම තිබිය යුතුය. මනුෂ්‍යත්වය දේශපාලනයට වඩා උඩින් තිබෙන්නක් බව මාගේ අදහසයි. මා මහින්ද රාජපක්ෂගේ දේශපාලන භාවිතාව සහ ප්‍රතිපත්ති වලට එකඟ නැත.

මා සෑමවිටම එය විවේචනය කරමි. නමුත්, ඔහු මා සමග කතාකළ විට කතා නොකර සිටීම මාගේ් සිරිත නොවේ. ඔහුට පුටුවෙන් නැගිට කතා කිරීමට අපහසු නිසා මා ඔහු දෙසට නැඹුරුව කතා කළෙමි. එය කිසිසේත්ම දෙකට නැමීමක් ලෙස මා නොසිතමි.

රටේ දේශපාලන සංස්කෘතිය කෙතරම් වෙනස් විය යුතුදැයි මේ සිදුවීමෙන්ද පාඩමක් උගත හැකිය. විරුද්ධ පක්ෂයේ සිටිනවා කියන්නේ පුද්ගලයින් සමග වචනයක් හෝ කතා නොකර මරාගෙන මැරෙන තරහකින් ජීවත්වීම නොවන අතර ප්‍රතිපත්තිමය වෙනසකින් ජීවත්වීම පමණි.

මා මහින්ද රාජපක්ෂ ඉදිරියේ නැමුණා නොව නැගිටීමට අපහසු කෙනෙකුට රිසි පරිදි කතා කිරීමට නැඹුරුවූවා පමණි.

  1. රා බොන්න කිතුලට නැග්ග එකාත් කිව්වෙ ඌ ගහට නැග්ගෙ තනකොල කපන්න මිස රා බොන්න නෙමෙ කියාල , මූත් ඔලමොට්ටල හර්ෂ සිල්වා හාලියාත් ඒ වාගෙම කතාවක් කියන්නෙ . හාලියා වාගෙ නිකන් පාර්ලිමෙන්තුවෙත් කැගහනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14