AFC Banner
Empty Ad
Empty Ad

අයර්ලන්තයේ රතු කොණ්ඩකාරියන්

රතු හිසකෙස් ඇති තරුණියන් අයර්ලන්තයේ අනන්‍යතාවයක් ලෙසයි සැලකෙන්නේ.

ලොවපුරා ජනතාවගෙන් 1% හෝ 2%ක් තරම් ඉතාමත් කුඩා ප්‍රමාණයකට තමයි උපතින්ම රතු පැහැති හිසකෙස් හිමිවෙලා තියෙන්නේ.

මේ අතරින් 13%ක පමණ ප්‍රමාණයක් ස්කොට්ලන්තයේත් 10%ක පමණ ප්‍රමාණයක් අයර්ලන්තයේත් ජීවත් වනවා.

සෑම වසරකම මැයි මස 26වනදා ලෝක රතු කෙස් හිමිකරුවන්ගේ දිනය ලෙසයි සැලකෙන්නේ. මීට සමගාමීව ලොවපුරා රතු හිස කෙස් හිමිකරුවන් විවිධ උත්සව සංවිධානය කරනු ලබන අතර ඒවා අතරින් වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් උත්සවය සංවිධානය වන්නේ අයර්ලන්තයේ.

මෙම උත්සවය නැරඹීම සදහා ලොවපුරා නන්දෙසින් සංචාරකයන් අයර්ලන්තය වෙත ඇදී එන බව වාර්තා වනවා. මෙහිදී බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වන්නේ රතු හිසකෙස් ඇති සුන්දර අයර්ලන්ත තරුණියන් වෙත කියලත් වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?