AFC Banner
Empty Ad
Empty Ad

තත්වය දරුණු අතට – කොවිඩ් රෝගීන් යළිත් ඉහළට

පසුගිය දිනවල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සහ සෞඛ්‍ය නීති නොපිලිපැදීමේ ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

එළඹෙන සති කිහිපයේ රෝගීන් ඉහළ යාම වලක්වා ගැනීමට නම් කළ හැකි එකම දේ වන්නේ දැඩිව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම බවද ඒ මහතා පවසනවා.

මේ අවස්ථාවේදී සෞඛ්‍ය නීතිවලට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් බවද හෙතෙම සඳහන් කළා.

රටේ කොවිඩ් රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බවත් මේ තත්වය නිසා සියලුදෙනා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?