එන්නත්කරණයේ ඵලදායීතාවය ගැන සැකයක්..

කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් එකිනෙකට පරස්පර අදහස් ඉදිරිපත් කරමින් සිටින බවත්, එන්නත්කරණය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රකාශ විශ්වාසනීයභාවයකින් තොර බවත්, ඒවා පිළිගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් කෝවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව අවධාරණය කරයි.

රටේ එන්නත්කරණය ආරම්භවූ අවස්ථාවේදී ඇස්ට‍්‍රසෙනිකා එන්නත හොදම එන්නත යැයි කියූ බලධාරීන්, එම එන්නත ගෙන්වීමට නොහැකි වන විට සයිනොෆාම් එන්නත් තොග ලංකාවට ගෙන්වමින් තමන්ට ලැබෙන එන්නත හොදම එන්නත යැයි විශ්වාස කරන ලෙස ඉල්ලා සිටියේය. ඉන් පසුව ෆයිසර් එන්නත් මාත‍්‍රා තොග ලැබෙන විට සයිනොෆාම් එන්නතේ ප‍්‍රතිශක්තීකරණ බලය සති 12කින් පහළ යන බව පැවසුවේය.

ඇමරිකාව විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ් ප‍්‍රතිශක්තීකරණ කරල ආනයනය කිරීමට සැලසුම් සකස් කරන විට ෆයිසර්, මොඩර්නා හා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්ත්වල ප‍්‍රතිශක්තීකරණ බලය සියයට පනහකින් පහළ යන බව සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ කිසිදු විශ්වාසනීයත්වයකින් තොර එකිනෙකට පස්පර ප‍්‍රකාශයන් ඉදිරිපත් කරමිනි.

ආර්ථික අර්බුදය හමුවේ රටේ ඉතිරිව ඇති ඩොලර් ප‍්‍රමාණය වැය කරමින් කොවිඩ් ප‍්‍රතිශක්තීකරණ කරල ආනයනය කිරීමෙන් පසුවත් මෙවැනි ප‍්‍රකාශ කිරීමට හැකි යැයි අප විශ්වාස කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ ප‍්‍රකාශ පිළිබද විශ්වාසයක් තැබිය නොහැකි නිසාය.

මේ අතර එන්නත ලබාගැනීමෙන් පසුව කොවිඩ් වෛරසය ආසාදනය නොවන බව පැවසූ අතර පසුව වෛරසය ආසාදනය වන නමුත් මාරාන්තික නොවන බව සදහන් කළේය. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංසගත රෝග විද්‍යා අංශය මගින් කළ සමීක්ෂණයක් මගින් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් 714 දෙනෙක් මිය ගොස් ඇති බව අනාවරණය කරගෙන තිබේ. කොරෝනා ආසාදිතව මිය ගිය 11669 දෙනෙක් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයේදී තවදුරටත් අනාවරණය වී තිබෙන්නේ එක් එන්නතක් පමණක් ලබාගත් පුද්ගලයින් 2189 දෙනෙක් මිය ගොස් ඇති බවය.

මෙම දත්ත දෙස බලන විට එන්නත් දෙකම ලබාගත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ අගයක පැවතීම එන්නත්කරණයේ ඵලදායීතාවය යළිත් ප‍්‍රශ්ණ කරන්නකි.

කොවිඩ් එන්නත් ලංකාවට ගෙන්විමේදී ඒ සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති අතර මේ වන තෙක් ඒ සදහා කොතරම් ඩොලර් ප‍්‍රමාණයක් වියදම් කළේද යන්න ගැන නිශ්චිත සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර නැත. එවැනි තත්වයක් තුළ බූස්ටර් එන්නතක් ලෙස තවත් එන්නත් මාත‍්‍රාවක් ලබාදීමට පියවර ගනිමින් සිටින අතර සියලුම පුද්ගලයින්ට තුන්වැනි මාත‍්‍රාව ලබාදීම සදහා කොතරම් ඩොලර් ප‍්‍රමාණයක් රටින් පිට කිරීමට සිදුවන්නේද යන්න ගැන නිශ්චිත තක්සේරුවක් කර නැත.

ඩොලර් අර්බුදය හමුවේ වාර්ශිකව එන්නත්කරණ සදහා ප‍්‍රමාණවත් ආර්ථික ශක්තියක් රටට නොමැති බව පැහැදිළිය. මේ නිසා විදේශ රටවලට මුදල් ගලා යන නැවත නැවත එන්නත්කරණය වෙනුවට දේශීය හා ආර්යුවේද වෛද්‍ය ක‍්‍රමයේ ඇති ප‍්‍රතිශක්තිය වර්ධනය කරන විද්‍යාත්මක ක‍්‍රමවේදයන් කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු යැයි අපි අවධාරණය කරන්නෙමු.

එකිනෙකට පරස්පර ප‍්‍රකාශ සිදුකරනවා වෙනුවට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සදහා, විද්‍යාත්මක පදනමක් අනුව සොයා ගෙන ඇති ප‍්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන රජයේ අවධානය යොමු කරන ලෙසට යළිත් අප අවධාරණය යොමු කරන්නෙමු

– කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28