අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේදී අල්ලයි

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති අතුරුගිරියේ ලඩියා හෙවත් චානුක දහනායක නම් වූ අපරාධකරු ඉන්දියාවේ බෙංගලාරූ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සංවිධානාත්මක අපරාධ රැසක් මෙහෙයවූ අංගොඩ ලෝකකාගේ සමිපතයෙකු බව සැලකෙන අතුරුගිරියේ ලඩියා සමයං ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවෙක් ද වනවා.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොයිම්බතූර් හි සැඟව සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ජිවිතක්‌ෂයට පත්වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියා.

වාර්තා වන පරිදි අංගොඩ ලොක්කාගේ ගිනි අවිය අතුරුගිරියේ ලඩියාට ඔහුගේ මරණෙන් පසු භාරදී ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

අතුරුගිරියේ ලඩියා බෙංගලාරූ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?