මම ආසයි ජීවිතේ ගොඩක් විඳින්න

අපි හැමෝම ආදරය කරන වගේම, විවිධ අවස්ථාවන් වලදී කථා බහට ලක්වෙන විශිෂ්ට ගනයේ ජනප්‍රිය ප්‍රවීන සුරූපී ගායිකාවක තමයි, සමිතා එරන්දති මුදුන්කොටුව කියලා කියන්නේ.

ඉතින් ඇය ගායිකාවක වගේම දක්ෂ රංගන ශිල්පිනියක ද වනවා විතරක් නෙවෙයි, කුඩා කාලයේ ඉදන්ම ඇය තමයි, ඇගේ ආදරණීය පවුලේ එකම දරුවාත් දැරියත් වෙන්නේ.

ඉතින් උසස් අධ්‍යාපනයේ හිනිපෙත්තටම ගිය ඇය, විශ්වවිද්‍යාල වරම් ලබා, මේ වෙද්දී උසස් සංගීත වේදිණියක වනවා වගේම ජීවිතයේ විවිධාකාරයේ දුක් කම්කටොලු වලට මුහුණ දුන්නු වගේම ඒ හැම දේකටම සතුටින් මුහුණ දුන්නු සුන්දර කලාකාරිනියක වනවා.

ඉතින් සමිතා කියනවා තමන්ගේ ජීවිතේ විදවන්නේ නැතිව හරි අපූරුවට විදින්න ඕනේ කියලත් ජීවිතේ තමන්ගේනේ ඇයි ඉතින් ඒකට අනිසි දුක් දෙන්නේ කියලත් කියන ඇය, හුදෙක් ප්‍රශ්න මධ්‍යයේ වුණත් හිනාවෙලා ඉන්න අපූරු චරිතයක් වනව වගේම,

පහුගිය දවස්වල ඇය ගැන වැඩියෙන්ම කථාබහට ලක්වුණේ නම් අපි කවුරුත් දන්න කියන කරුණක් වන ඇයට වඩා වයසින් ලාබාල තරුණයකු හා විවාහ දිවියට එළඹීම වනවානේ.

ඉතින් වසර ගණනාවක් තනිකඩ ජීවිතයක් ගත කරපු සමිතා නැවත විවාහ දිවියට එළබෙන්නේ නම් ඔන්න ඔය විදියට තමයි.ඉතින් ආදරයට වයස කිසිම බාධාවක් නෙවේ කියලත්, ආදරණීය අලුත් සැමියාත් එක්ක පවුලේ ආදරණීයයන් එක්ක හරිම සුන්දරව ජීවිතේ ගෙනියනවා කියලත් සමිතා කියනවා.

ඔන්න ඉතින් සුන්දරත්වය ගැන කිවුවොත් නම්, කොහොම නමුත් මුහුණ නිතරම වගේ ලස්සනට තියාගන්නට සමිතා හරිම ආස කරනව විතරක් නෙවෙයි,

සමිතා කියනවා ගොඩක් අය සමිතාගෙන් අහනවාලු සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගැහුවාද කියලත්, ඉතින් සමිතා කියනවා එහෙම නම් නෑ ඉන්ජෙක්ෂන් ගහලා ඒ වගේ දේවල් වලින් සුදු වෙන්න නම් බයයි කියලත්, ඒ කොහොම වුණත් මේ දවස්වල නම් සුදුවෙන්න ආලේපන වර්ග ටිකක් භාවිතා කරනවා කියලත් ඇය කියනවා.

සමිතාගේ යූ ටියුබ් නාලිකාව හරහාත් ඇය නිතරම පෙනී ඉන්නවා අපිට දැක බල ගන්නට පුලුවන් වනවා වගේම, ඉතින් ඇය නිකුත් කරපු අලුත් වීඩියෝවෙන්, “ඉක්මනින් සුදු වීම” ගැන තමයි කථා කරන්නේ නම්.

ඉතින් සමිතා කියනවා “සුදුවෙන්න අපි හැමෝම වාගේ කැමතියිනේ කියලත්, ඇය කැමති ටිකක් සුදු වෙන්න කියලත්, මේ දවස්වල යූස් කරන ආලේපන වලින් දවස් 2න් 3න් හරි ඉක්මනට සුදු වෙන්න පුලුවන් කියලත්,

පහුගිය දවස්වල ආදරණීය පුතා ශේන්ගේ උපන්දිනයත් එක්ක තිබ්බ ක්‍රිකට් තරඟය නිසා, අවුවේ ගොඩක් වෙලා ඉන්න සිද්ද වුණු නිසා, මේ අලේපන භාවිතා කරලා ආයෙමත් සුදු වුණා කියලත්, සුන්දරත්වය කියන දේ ගැන ඇය හරිම උනන්දුයි” කියලත්, සමිතා හරි අපූරුවට තමයි කියන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ - ඒ කාලේ නම් පුතේ යකඩත් වික්කා
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52