AFC Banner
Empty Ad
Empty Ad

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවය දුරු කිරීම සඳහා වු යෝජනාව ද මෙවර අයවැය ට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ගුරු – විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවතර කරන ලෙස ඉල්ලා දියත් කර තිබු වෘත්තීය සමිති උද්ඝෝෂණ අවසන් කර, 2021.08.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රුපියල් මිලියන 30,000ක් වැටුප් ලෙස ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.

එය ගුරු හා විදුහල්පති වැටුප් සඳහා දැනට දරනු ලබන රුපියල් මිලියන 109,000ක් වු මුදලට අමතරව ය.

මේ අතර උපාධිධාරීන් ස්ථීර කිරීම වෙනුවෙන් අභ්‍යාසලාභීන් ලෙස රජයට බඳවා ගෙන ඇති 53,000ට අධික උපාධිධාරීන් 2022 වසරේ ජනවාරි මස සිට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමට කටයුතු කෙරේ.

ඒ සඳහා රුපියල් මිලියන 27,600ක් පමණ වැය වෙතැයි අපේක්ෂිතය.

දැනට වෙන්කර ඇති රුපියල් මිලියන 20,000ට අමතරව තවත් මිලියන 7,600ක් ඒ සඳහා වෙන් කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?