AFC Banner
Empty Ad
Empty Ad

අයවැය ඉදිරිපත් කළ බැසිල් අවසානයේ කළ කතාව මෙන්න

2022 අයවැය යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙම අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙලෙස අදහස් පලකර සිටියා.

මේ වෙනුවෙන් ආශිර්වාද කළ ආගමික නායකයන්ට ගෞරවය පුද කර සිටිනවා.

මගේ පළමු ස්තූතිය හිමිවන්නේ අනාගතවාදී පොදුජන අයවැය ඉදිරිපත් කිරීමට මා වෙත සියලු අවකාශ සලසා දුන් අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමනි ඔබතුමාගෙන් ලැබුණු ගුරුහරුකම්වලටත් බොහොම පිං..

මේ උත්තරීතර සභාවට මගේ අයවැය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් කථානායකතුමාටත් මගේ අමාත්‍යවරුන්ටත් මගේ ස්තූතිය පුදකර සිටිනවා.

ඉතා උනන්දුවෙන් යෝජනා ඉදිරිපත් කළ සිවිල් සංවිධාන, වෘත්තීය සමිතිවලටත් මගේ ගෞරව පුදකර සිටිනවා.
ග්‍රාමීය ප්‍රජා නායකයින් ඇතුළු සියළු පුරවැසියන්ටත් මගේ ස්තූතිය.

බොහෝ දුෂ්කරතා දරාගනිමින් අයවැය දෙස ඉතා උනන්දුවෙන් බලා සිටි රටවැසියන්ටත් මගේ හදපිරි ප්‍රණාමය පුදකරන්න කැමතියි. ඔබට තෙරුවන් සරණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?